අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේ නොබැඳි පිළිවෙතක් - කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    අගෝස්තු 17, 2022

    චීන රජයට මෙන්ම ඉන්දියානු, පකිස්ථාන් සහ ඇමරිකන් රජයන් සම්බන්ධයෙන්ද ලංකාව අනුගමනය කරන්නේ නොබැඳි පිළිවෙතක් බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී චීන නෞකාවක් අද උදෑසන මෙරටට ළඟාවීම සම්බන්ධයෙන් සිදුකළ විමසුමේදී අදහස් දක්වමිනි.

    අප රටෙහි ජාත්‍යන්තර වශයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයත්, ආණ්ඩුවත් සියලුම රටවල භෞමික අඛණ්ඩතාවයට සහ ස්වෛරීත්වයට ගරු කරමින් රටවල් අතර පවත්නා මිත්‍ර සම්බන්ධතා පලුදු වීමට ඇති ඉඩ ප්‍රස්ථා හැකිතාක් අවම කරමින් ජාත්‍යන්තර කටයුතු මෙහෙයවන බව අමාත්‍යවරයා කියා සිටියේය.

    විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මෙම චීන නෞකාව ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීමක් සිදුකළ බව කියාසිටි අමාත්‍යවරයා, මීට පෙරද මෙරටට යුධ නෞකා, ඇමරිකා එක්සත් රාජධානි හා පකිස්ථාන්, ඉන්දියානු, චීන ආදී වෙනත් රටවල නෞකා පැමිණ ඇති බවද සිහිපත් කළේය.

    තෙවැනි පාර්ශවයකට කිසියම් අවහිරයක් සිදුනොවෙනවා නම් හෝ කිසියම් ගැටලුවකට තුඩු නොදෙන්නේනම් ඒ සදහා අවස්ථාව ලබාදීම ස්වෛරීත්ව සමානාත්මතා ප්‍රතිපත්තිය හා මූලධර්මය අනූව කරන කටයුත්තක් බවද, එමනිසා ඒ අනූව චීන නෞකාවට පැමිණීම සඳහා අවසරය ලබාදී තිබුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ සම්බන්ධයෙන් අසල්වැසි ඉන්දියාව විසින් යම් යම් ප්‍රශ්න මතුකිරීම් කළ බවද, එලෙස මතුකළ ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා හමාර වන තෙක් චීන නෞකාව පැමිණීම ටික දිනක් පමා කරන ලෙස ලංකා ආණ්ඩුව ඉල්ලා සිටි බවද පැවසුවේය.

    සිදුකළ සාකච්ඡා සියල්ල ඉන්දියන් බලධාරීන්, චීන බලධාරීන් සහ රාජ්‍යයන් අතර කිසිදු රටකට, තෙවැනි පාර්ශවයකට අගතියක් නොවන අයුරින් එම පහසුකම් ලබාගෙන යාම සදහා අනෙකුත් රටවලට හිමිවන වරප්‍රසාදය චීන රජයටත් ලබාදී ඇතැයිද ඔහු අවධාරණය කළේය.

    චීන රජයට මෙන්ම ඉන්දියානු, පකිස්ථාන් සහ ඇමරිකන් රජයන් සම්බන්ධයෙන්ද ලංකාව අනුගමනය කරන්නේ නොබැඳි පිළිවෙතක් බවද, එම සෑම රටක්ම මෙරටට අතිශයින්ම වැදගත් බවද විශාල වශයෙන් අප රටට ඉතිහාසය පුරා උදවු කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙරට බෙදුම්වාදය පරාජය කර ඒකීයභාවය ආරක්ෂා කිරීමටත් භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමටත් මෙම රටවල් අපට උදවු කර ඇති බවද මෙම මිත්‍ර රටවල් සමග ගැටුම් ඇති නොවන අයුරින් කටයුතු කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය හා විදේශ කටයුතු ඇමතිතුමා වගකීමකින් ක්‍රියාකර ඇති බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya