අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු ධීවර අංශයේ රැකියා සඳහා බඳවා ගැනීමේ කොරියානු භාෂා පරික්ෂණ විභාගය ඇරඹේ

    අගෝස්තු 17, 2022

    දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා සඳහා පැවැත්වෙන කොරියානු භාෂා පරික්ෂණ විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම 2022.08.22 දින සිට 2022.08.26 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරනු ලබයි.

    මෙම විභාගය සඳහා අයදුම්කිරීම සඳහා විදේශ ගමන් බලපත්‍රය අනිවාර්ය වන අතර, එය මෙතෙක් ලබානොගත් අයදුම්කරුවන් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එකගතාවය මත විශේෂ ක්‍රමවේදයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් හඳුන්වා දී තිබේ.

    ඒ අනුව කාර්යාංශයේ පළාත් කාර්යාල මගින් එවැනි රැකියා අපේක්ෂිතයින් සඳහා අදාල නිර්දේශ ලිපි 2022 අගෝස්තු මස 15, 16 හා 17 යන දිනයන්හීදි නිකුත් කරනු ලබයි. මෙම නිර්දේශ ලිපි ලබාගැනීම සඳහා විභාග ගාස්තු ලෙස අයකරනු ලබන රු.10,109ක මුදල අදාළ කාර්යාලය වෙත සෘජුවම ගෙවිය යුතු වේ.

    නිර්දේශ ලිපිය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම මගින් එක්දින සේවාව ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය ලබාගත හැකිවේ.

    දැනටමත් ගුවන් ගමන් බලපත්‍ර ලබාගෙන ඇති අයදුම්කරුවන් සඳහා මෙය අදාල නොවන අතර ඔවුන්ට, මාර්ගගත ක්‍රමය ඔස්සේ, විභාග ගාස්තු ගෙවූ අයදුම්පත ස්කෑන් කර යොමුකිරීමෙන් විභාගය සඳහා අයදුම්පත්‍ර ලබාගත හැකිය.

    මෙම විභාගය පිළිබඳව වැඩි විස්තර www.slbfe.lk යන කාර්යාංශයේ නිල වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya