අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සඳුදා දින සිට සතියේ දින පහම පාසල් පැවැත්වෙයි

    අගෝස්තු 14, 2022

    රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අගෝස්තු 15 වන සඳුදා දින සිට සතියේ දින පහම (05) සාමාන්‍ය වේලාවන් තුළදී එනම් පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වා පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    මාධ්‍ය නිවේදනය

    2022.08.15 වන සඳුදා දින සිට පාසල් පැවැත්වීම

    2022.08.15 වන සඳුදා දින සිට පාසල් පැවැත්වීම පිළිබදව 2022.08.13 වන දින ගරු අධ්‍යාපන අමාත්‍යතුමා, අධ්‍යාපන ලේකම් සහ අමාත්‍යාංශයේ නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රැස් වී පළාත් අධ්‍යාපන ලේකම්වරුන් ද සම්බන්ධ කර ගනිමින් පහත තීරණ ගන්නා ලදී.
    1. රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් 2022.08.15 වන සඳුදා දින සිට සතියේ දින පහම (05) සාමාන්‍ය වේලාවන් තුලදී එනම් පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වා පාසල් පැවැත්වේ.

    2. ප්‍රවාහන අපහසුතා සහිත ප්‍රදේශ වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු ප්‍රවාහන වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා සියළුම පළාත් බලධාරින් වෙත උපදෙස් ලබා දෙන ලදී.

    3. 2022.08.15 දිනෙන් ආරම්භ වන පාසල් සතිය තුළ ප්‍රවාහන අපහසුතා තවදුරටත් බලපාන ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු පරිදි විදුහල්පතිවරුන් විසින් සහන ලබා දිය යුතු අතර, එම සහන ලබා දිය යුතු ක්‍රමවේද පිළිබද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුන් විසින් විදුහල්පතිවරුන් දැනුවත් කරනු ඇත.

    4. ඉදිරි තෙමසක කාලය  පාසල් කාලය විෂයය ඉගැන්වීම් සඳහාම යොදා ගත යුතු අතර, විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිබාහිරව සිදු කිරීමටත් පාසල් වල පැවැත්වෙන උත්සව ආදිය තවදුරටත් සීමා කිරීමටත් වැඩිදුරටත් උපදෙස් ලබා දෙනු ලැබේ.

     

    මාධ්‍ය ඒකකය
    අධ්‍යාපන අමාත්‍යාංශය.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya