ඔක්තෝබර් 02, 2022
tami eng youtube  twitter facebook

    මෙරට මානව හිමිකම්, සංහිදියාව හා ප්‍රතිසන්ධාන ක්‍රියාදාමය- ප්‍රගතිය පිළිබදව විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක්

    අගෝස්තු 11, 2022

    ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ජීනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරය සදහා මුහුණදීමට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව සකස් කිරීමේ ක්‍රියාවලියේදී මෙරට මානව හිමිකම්, සංහිදියාව හා ප්‍රතිසන්ධාන ක්‍රියාදාමය හා සම්බන්ධව කටයුතු කරන දේශිය ආයතන මගින් සිදු කළ කාර්යයන්හි ප්‍රගතිය පිළිබදව විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා (9) අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    මානව හිමිකම් සුරක්ෂිත කිරීම, සංහිදියාව ගොඩ නැංවීම හා ප්‍රතිසන්ධානයට අදාළව ඒ ඒආයතන විසින් ගෙන ඇති ක්‍රියා මාර්ගයන්හි ප්‍රගතිය පිළිබදව මෙහිදී කරුණු ඉදිරිපත් වුඅතර ඉදිරියේදී එම ආයතන කටයුතු කළ යුතු ආකාරය පිළිබදව ද මෙහිදී අවධානය යොමුවිය.

    තවද ජීනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරය සදහා මුහුණදීමේදී ඒ හා සම්බන්ධසියලු ආයතන එක්ව යාන්ත්‍රණයක් සකස් කිරීම මෙම සාකච්ඡාවේදී අවධාරණය විය.

    නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේකලේකම් එම්.ආර්.කේ.ලේනගල, අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ආණ්ඩුක්‍රමව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන පියුමන්තී පීරිස් (නීති) , ආර්.පී.එස්.සමන් කුමාරී (ඒකාබද්ධතා) , රෝහණ හපුගස්වත්ත (පාලන) , සාමයසංහිඳියාව හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ සභාපති ජේ.ජේ.රත්නසිරි , එහිඅධ්‍යක්ෂ ජනරාල් දීප්ති ළමාහේවා, හානි පුර්ණය සදහා වන කාර්යාලයේ සභාපති ධාරාවිජේතිලක, නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට, යන මහත්ම මහත්මීන් ඇතුළු අධිකරණබන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, විදේශකටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, තිරසරසංවර්ධනය සදහා වන කවුන්සිලය, සාමය සංහිඳියාව හා ප්‍රතිසංධානය සඳහා වනකාර්යාලය නියෝජනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාව සදහා එක්ව සිටියේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya