අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනසතුන් විසින් සිදු කරන බෝග හානිය වැළැක්වීම සඳහා වැඩපිළිවෙළක් මාස දෙකකින්- අමාත්‍ය මහින්ද අමරවීර

    අගෝස්තු 11, 2022

    වනසතුන් විසින් සිදු කරන බෝග හානිය වැළැක්වීම සඳහා උචිත වැඩපිළිවෙළක් මාස දෙකක් තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා, වනජීවී අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

    ආහාර භෝග වගාවන්ට වන සතුන්ගෙන් වන හානිය සියයට 30-40 දක්වා වර්ධනය වී ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය අවධාරණය කර ඇත.

    ශ්‍රී ලංකාවේ ආහාර බෝග වගාවන්ට බරපතල ලෙස හානි කරන සතුන් ලෙසින් රිළවා, වඳුරා, ඉත්තෑවා, වල්ඌරා, මො
    මොණරා හා දඬු ලේනා ද අයත් වේ. අප රටේ ගොවීන් වගා කරන ආහාර බෝගවලින් සියයට 30-40 දක්වා ප්‍රමාණයක් මෙම සතුන් විනාශ කරනු ලබයි. එම සමස්ත ප්‍රමාණයෙන් අවම වගා හානියක් සිදුවන්නේ වන අලින්ගෙනි. එය සියයට 20කි. ඊට අමතරව සියයට 34ක වගා හානියක් මොණරුන් ප්‍රධාන පක්ෂි වර්ග කිහිපයක් විසින් සිදු කරයි. නමුත් ප්‍රධානම වගා හානි කරන පක්ෂියා වන්නේ මොණරායි.
    සමස්ත වගා හානිවලින් සියයට 46ක් රිළවා, වඳුරා, ඉත්තෑවා, වල්ඌරා, මොණරා හා දඬු ලේනා යන සත්ව විශේෂ මගින් සිදු කරනු ලබයි.
    මේ නිසා තම වගාබිම් වනසතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර දෙන ලෙස ගොවි ජනතාව කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර තිබේ.
    මේ වනවිට අප රටේ ඇතැම් සත්ව විශේෂයන්හි ගහණය ඉහළ ගොස් ඇති නිසා එම තත්ත්වය ද ආහාර බෝග විනාශයට හේතු වී ඇති බව වනජීවි නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේය. එම නිසා සත්ව ගහනය පාලනය කිරීමේ වැඩපිළිවෙළක් කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇති බවද එම නිලධාරීන් පැවසීය.
    මේ සම්බන්ධව වැඩපිළිවෙළ සකස් කිරීමේ දී සත්ව සුබසාධන සංගම් හා ඒ සම්බන්ධව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවල ද අදහස් හා යෝජනා ලබා ගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya