අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති නායකත්වය යටතේ රට යන දිශාව ඉතා පැහැදිලියි- අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

    අගෝස්තු 10, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ රට යන දිශාව ඉතා පැහැදිලි බව වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ කල් තැබීම් විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    රටේ ඇති වී තිබෙන ප්‍රශ්න ක්‍රමයෙන් විසඳෙමින් ඇති බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, අභියෝගයට නිර්භීත ලෙස ඉදිරිපත් වූ යුග පුරුෂයෙක් බව ද අමාත්‍යවරයා පැවසීය.

    ඔහු තමන්ගේ දේශපාලන අනාගතය ගැන හෝ වෙනත් කරුණක් ගැන නොසිතමින් අභියෝගය බාර ගත් නායකයෙක් බව අමාත්‍යවරයා කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya