අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට අවශ්‍ය වඩාත් ප්‍රතිඵලදායක ඉක්මන් තීන්දු තීරණ ගැනීම උදෙසා කැබිනට් අමාත්‍යවරුන්ගෙන් සමන්විත අනුකාරක සභා තුනක්

    අගෝස්තු 09, 2022

    කැබිනට් අනුකාරක සභාව, රජයේ ආයතන පිලිබඳ අනුකාරක සභාව හා ජිවන වියදම් අනුකාරක සභාව වශයෙන් කැබිනට් අමාත්‍යවරුන්ගෙන් සමන්විත වූ අනුකාරක සභා තුනක් ස්ථාපිත කිරීමට ඊයේ (08) කටයුතු කළ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය
    සාකච්ඡාවේ දී ය.

    කැබිනට් අනුකාරක සභාව හා ජිවන වියදම් අනුකාරක සභාවේ සභාපතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සහ රජයේ ආයතන පිලිබඳ අනුකාරක සභාවේ සභාපතීත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දරනු ඇත. නම් කරන ලද කැබිනට් අමාත්‍යවරුන් ගෙන් සමන්විත එම කමිටු සති දෙකකට වරක් රැස් වී අදාළ විෂය පිළිබඳව වන තීන්දු තීරණ ඊට පසුව එන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති අතර, එමඟින් වඩාත් ඉක්මන් තීන්දු තීරණ ලබා ගත හැකි වනු ඇති බව ද හෙතෙම පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya