අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යුත් ත්‍රී රෝද රථ ලියාපදිංචි කිරීමට ප්‍රතිපාදන සැලසීම සඳහා මෝටර් වාහන පනත සංශෝධනයට පියවර

    අගෝස්තු 09, 2022

    විද්‍යුත් ත්‍රීරෝද රථ ලියාපදිංචි කළ හැකි වන ආකාරයට නියාමනයට මෝටර් වාහන ආඥා පනත සංශෝධනයට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය,ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    පවතින මෝටර් වාහන ආඥා පනත මඟින් ඩීසල්, පෙට්‍රල් වාහන ලියාපදිංචි කළ හැකි නමුත් විද්‍යුත් වාහන ලියාපදිංචි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති බව සඳහන් කළ හෙතෙම රථ විද්‍යුත් ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීමට මෝටර් වාහන පනත සංශෝධනය කිරීමට විෂයභාර ආමාත්‍යවරයා වශයෙන් තමන් විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමත්‍යවරයා විසින් දැනුම් දුන්නේය.

    එමෙන්ම, විදුලියෙන් ධාවනය වන මෝටර් රථ, යතුරු පැදි, ත්‍රීවිල් රථ මෙරටට ආනයනය කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් වාණිජ බැංකුවක් ඔස්සේ මෙරටට විදේශ විනිමය එවන ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන සිය පවුලේ අවශ්‍යතා සඳහා ගෙන්වා ගැනීමට අවස්ථාව හිමිවන බවත්, ඒ පිලිබඳ නිල චක්‍රලේඛය නිකුත් වනු ඇතැයි ද, එමඟින් මෙරට ඉන්ධන පිරිවැය අවම කර ගැනීමට ද හැකිවනු ඇතැයි ද ඒ මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya