අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්ගෙන් සුබපැතුම්!

    අගෝස්තු 07, 2022

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුභාශිංසන එක් කර තිබේ.

    ජනාධිපතිතුමා වෙත පසුගිය (03) දා විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් මහ ලේකම්වරයා පවසා ඇත්තේ රට මුහුණ දී සිටින වත්මන් අභියෝග ජයගැනීමට හිතකර පරිසරයක් හා ස්ථාවරත්වයක් ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තීරණාත්මක වනු ඇති බවයි.
    මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා ජාතික උපායමාර්ගයක් සකස් කිරීමේදී සියලු දේශපාලන පක්ෂ අතර සම්මුතියක් ඇති කර ගැනීමට ජනාධිපතිතුමා දක්වන කැපවීම එක්සත් ජාතීන්ගේ මහ ලේකම්තුමා පිළිගෙන ඇති අතර එසේ කිරීමේදී, මහජනතාව සමඟ අදහස් විමසීම මෙන්ම නීතියේ ආධිපත්‍යය සහ මූලික මානව හිමිකම් මූලධර්මවලට ගරු කිරීම ඇතුළු සියලුම පාර්ශවකරුවන් අතර සංවාදය දිරිමත් කිරීමේ වැදගත්කම ද පෙන්වා දී ඇත.
    තවද, කාන්තාවගේ දේශපාලන සහභාගීත්වය සඳහා ශ්‍රී ලංකාව දරණ උත්සාහය පිළිගැනීමට සහ ප්‍රගතිය වේගවත් කිරීම සඳහා ජනාධිපතිතුමාගේ නායකත්වය දිරිමත් කිරීමට සහයෝගය පළ කර ඇත.
    එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ක්ෂණික හා දිගුකාලීන අවශ්‍යතා සපුරාලීමට සහය දැක්වීමට සූදානමින් සිටින අතර සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සාමය ගොඩනැගීම, තිරසර සංවර්ධනය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවද පවසා ඇත.

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya