මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඊශ්‍රායලයේ රැකියා සඳහා නොමිලේ සාත්තු සේවිකාවන් පුහුණු කිරීමේ වැඩසටහනක්

    අගෝස්තු 05, 2022

    ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රි ලාංකික කාන්තාවන් වැඩිවශයෙන් යොමු කිරිම අරමුණු කරගනිමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), සේෆ් ෆවුන්ඩේෂන් ආයතනය (SAFE) හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව සාත්තු සේවිකාවන් 100 දෙනෙකු නොමිලේ පුහුණු කිරීම සඳහා කටයුතු සම්පාදනය කර ඇත.

     

    මේ සඳහා තෝරාගනු ලබන අයදුම්කරුවන් සඳහා පාඨමාලා ගාස්තු සේෆ් ෆවුන්ඩේෂන් ආයතනය මගින් දරණ අතර, කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානවලදී හෝ තෝරාගත් වෙනත් මධ්‍යස්ථානයකදී පුහුණු වැඩසටහන් පවත්වනු ලබයි. සාත්තු සේවිකා පුහුණුවට අමතරව නොමිලේ ඉංග්‍රිසි පාඨමාලාවක්ද තෝරාගන්නා අයදුම්කරුවන්ට ලබාදෙනු ඇති.

    මේ සඳහා, වයස අවුරුදු 25-44 ත් අතර විදේශ රැකියාවක නිරතව සිට මෙරටට පැමිණි, මීට පෙර ඊශ්‍රායලයේ සේවය කර නොමැති, ස්වාමි පුරුෂයා ඊශ්‍රායලයේ සේවය නොකරන, අ.පො.ස උසස්පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇති සහ ශාරීරික හා මානසික වශයෙන් නිරෝගි කාන්තාවන්ට අයදුම් කළ හැකිය.

    මෙම පුහුණුව සාර්ථකව නිමකරන අයවලුන් සාත්තු සේවය සඳහා වූ ජාතික නිපුණතා මට්ටම III (NVQ III) වෙත යොමු කරන අතර, ඉන් සමත්වන අයදුම්කාරියන් ඊශ්‍රායලයේ සාත්තු සේවක තනතුරු සඳහා යොමු කෙරේ. මෙම තනතුර සඳහා ලොතරැයි ක්‍රමයක් මගින් තෝරාගනු ලබන බැවින්, පුහුණුව සාර්ථකව නිම කිරීම ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා අයදුම් කිරීමට මූලික සුදුසුකමක් වේ.

    මෙම පාඨමාලාව සඳහා අයදුම් කිරීමට, තම අයදුම්පත කළමනාකරු (පුහුණු-ගෘහස්ථ), ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, අංක 553/1, නව නුවර පාර, තලංගම උතුර, බත්තරමුල්ල යන ලිපිනයට හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් ලිපිනයට යොමුකළ යුතු වේ. නැතහොත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තමාට ආසන්නතම ප්‍රාදේශීය කාර්යාලයකට ලබාදිය හැකිය. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2022 අගෝස්තු 08 වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya