අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියානු රජයෙන් මෙරටට යුරියා මෙට්‍රික් ටොන් 65,000 ක් - අමාත්‍ය රමේෂ් පතිරණ

    ජූලි 01, 2022

    පසුගිය සති කිහිපය පුරාවට රජය විසින් පොහොර මිලදී ගැනීම සහ ලබා ගැනීමේ ක්‍රියාවලීන් වල නිරතව සිටියත් ලොව බොහෝ රටවල් ඔවුන්ගේ රටවල නිෂ්පාදිත පොහොර සඳහා අපනයන තහනමක් පනවා ඇති නිසා මෙරටට අවශ්‍ය තරමේ පොහොර ලබා ගැනීමේ ගැටළුවක් මතුව තිබෙන නමුත් පසුගිය සතියේ ඉන්දියානු රජය සමඟ කළ සාකච්ඡා වල ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දියානු රජය විසින් යුරියා මෙට්‍රික් ටොන් 65,000 ක පමණ ප්‍රමාණය ඉදිරි දින වල දී ලබා දීමට නියමිතව තිබෙන බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දීය.

    ඒ අනුව, කුඹුරු ගොවිතැන් සඳහා යුරියා මෙට්‍රික් ටොන් 40,000 ක් ද, තේ වගාව සඳහා මෙට්‍රික් ටොන් 20,000 ක් ද, බඩඉරිගු වගාව වෙනුවෙන් මෙට්‍රික් ටොන් 5,000 ක් ද වශයෙන් එම පොහොර ලබා දීමට කටයුතු කරන බව ඒ මහතා සඳහන් කළේය. මහා කන්නයේ පොහොර ප්‍රසම්පාදනය දැනටමත් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් දැනටමත් ආරම්භ කර ඇති අතර මහා කන්නය සම්බන්ධව ගැටළුවක් මතු නොවන බව ද හෙතෙම පැවසන ලදුව වර්තමානයේ ජනතාව තුළ වගාවන් සම්බන්ධයෙන් ඇති වී තිබෙන උනන්දුව නිසා අහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් විශාල ගැටළුවක් ඇති නොවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya