අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය නොපමාව පාර්ලිමේන්තුවට

    ජූනි 29, 2022

    රටේ මහජනතාව මෙන්ම ජාත්‍යන්තරයත් අපේක්ෂා කළ පරිදි මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කොට නීතියේ අධිපත්‍ය තහවුරු කිරීමට අවශ්‍ය මූලික කොන්දේසිය වන 22 ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයට (27) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

    අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද 22 වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කර ඉදිරි දින කිහිපය තුළ ව්‍යාවස්ථානුකුලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව (28) රජයේ
    ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිස්සංකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රජපක්ෂ මහතා පැවසීය. පනත් කෙටුම් පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කර දින හතක් ගිය පසු පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කොට ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලැබේ.

    ව්‍යවස්ථා සංශෝධනයේ අංකය පිළිබඳව ජනතාවට යම් ගැටලුවක් ඇති බව දක්නට ඇතැයි අමාත්‍යවරයා පැවසීය. එය නිරවුල් කරමින් අමාත්‍යවරයා පැවසුවේ, “සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවට 21 වන ව්‍යාවස්ථා සංශෝධන කොටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ බවයි. තමා අමාත්‍යවරයෙක් ලෙස පත් වු පසු එම ව්‍යවස්ථා සංශෝධනයම ආණ්ඩුවේ ව්‍යාවස්ථා සංශෝධන කෙටුම්පතක් ලෙස අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව අමාත්‍යවරයා කීය. ඒ සමඟ තමා පෞද්ගලිකව ඉදිරිපත් කළ 22 වන ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්කර ගත් බවත්, රජයේ යෝජනාවක් ලෙස 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

    පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳ ක්‍රියාදාමයේදී මුලින් ගනු ලබන සංශෝධන කොටුම්පත කුමක්ද යන්න සලකා බලා එය නැවත වතාවක් අංක 21 ලෙස නම් කරන බවද අමාත්‍යවරයා කීය. ඒ අනුව 22 වන සංශෝධනය මුලින් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගන්නා අවස්ථාව වන විට එය 21 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය ලෙස නම් කරනු ලැබේ.

    විපක්ෂය ඉදිරිපත් කළ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එළිදැක්විමට නොහැකි එකක් ලෙස තමා විශ්වාස කරන බවත්, එහි සැම වගන්තියක්ම නීතියක් බවට පත් වන්නට ජනමත විචාරණයක් අවශ්‍යය යන්න තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති බවත් අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya