අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය විදෙස් ඇමති හමුවෙයි

    ජූනි 27, 2022

    2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විදේශ අමාත්‍ය පීරිස් මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

     රුවන්ඩාවේ කිගාලි හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පසුගිය ජූනි 23 වැනි දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය අචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීය.

    මෙම දුෂ්කර අවස්ථාව හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් පුළුල් සහයෝගය සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය පීරිස් මහතා එහිදී සිය උණුසුම් කෘතඥතාව පළ කළේ ය. මෙම අතිශය අභියෝගාත්මක කාල පරිච්ඡේදයට මුහුණ දීම සඳහා මෙම උපකාර විශාල වශයෙන් ඉවහල් වූ බවද විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

    විවිධ ක්ෂේත්‍ර ආශ්‍රිත අනාගත සහයෝගීතාව පිළිබඳව ද අමාත්‍යවරු දෙපළ මෙහිදී සාකච්ඡා පැවැත්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya