අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආනවිලුන්දාව, දැදුරු ඔයේ අතුගංඟාවක අවහිරතා ඉවත් කරයි

    ජූනි 27, 2022

    අධික ලෙස ජලජ ශාක ව්‍යාප්තවීමෙන් හා අපද්‍රව්‍ය එක් රැස්වීමෙන් අවහිරවූ පුත්තලම ආනවිලුන්දාව ප්‍රදේශය ඔස්සේ ගලා බස්නා දැදුරු ඔයේ අතුගංඟාවක අවහිරතා ඉවත්කර ජලය ක්‍රමවත්ව බැසයාමට ඉඩ සැලැස්වීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 ජුනි මස 22 සිට 24 දක්වා ක්‍රියාත්මක කළේ ය.

    පුත්තලම වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වාගේ අධීක්‍ෂණය යටතේ විධාන කිමිදුම් ඒකකය මඟින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, ක්‍රමවත් ජල බැස්ම අවහිර කරමින් ආනවිලුන්දාව පහින බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව අධික ලෙස ව්‍යාප්තව තිබූ ජලජ ශාක ඇතුළු අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කිරීම මඟින් ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලබාගැනීමේදී මෙතෙක් පැවති දුශ්කරතා මඟහරවා ගැනීමට මෙන්ම ගංවතුර අවදානම අවම කිරීමටද හැකියාව ලැබිණි.

    තවද, මෙවැනි අවහිරතා හේතුවෙන් කෘෂිකාර්මික කටයුතු සහ දෛනික ජල අවශ්‍යතාවය සපුරා ගැනිමේදී මහජනතාවට සිදුවන අපහසුතා මඟහැරවීමට මෙන්ම, ඒ හේතුවෙන් ඇති විය හැකි ගංවතුර අවදානම අවම කිරීමටද නාවික හමුදාව අදාල පාර්ශවයන් වෙත අවශ්‍ය සහයෝගය ලබාදීමට නිරන්තර සූදානමින් සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya