අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙරටේ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කරගැනීමට කාලය එළැඹ තිබෙනවා- ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස්.

    ජූනි 24, 2022

    දෙරටේ ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට කාලය එළැඹ තිබේ. එමගින් ඇගලුම්, කෘෂිකර්ම, සෞඛ්‍ය හා ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ප්‍රගතිය අත්කරගත හැකි බව ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් අරිෆුල් ඉස්ලාම් (Tareq Ariful Islam) මහතා පවසයි.

     කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා   (23) පස්වරුවේ හමු වූ අවස්ථාවේ මහ කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.

    දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට 2022 දී 50 වසරක් සපිරේ. මෙම කාලපරිච්ඡේදය තුළ ඉතා සමීපව සහ සුහදව කටයුතු කිරීමට රාජ්‍යයන් දෙකටම හැකි විය. පවතින ආර්ථික අර්බුදයේ දී ද බංග්ලාදේශය ලබාදෙන සහාය ජනාධිපතිතුමා ඇගයීමට ලක් කළේය.

    වෙළෙඳ, සංචාරක සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කරගැනීමට දෙරටටම අවස්ථාව ඇති බව පෙන්වා දුන් මහ කොමසාරිස්වරයා පවතින වතාවරණයෙන් කඩිනමින් අත්මිදීමට ශ්‍රී ලංකාවට හැකි වෙතැයි විශ්වාසය පළ කරනු ලැබීය.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya