මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාකරේ ගොවි බිම් නිරීක්ෂණයට

    ජූනි 22, 2022

    කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කෘෂි ක්ෂේත්‍ර නව්‍යකරණ ව්‍යාපෘතිය මගින් ක්‍රියාවට නැංවෙන වාකරේ පිහිටි ගොවි බිම් නිරීක්ෂණය කිරීම සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහභාගි වූවාය.

    එහිදී ව්‍යාපෘතිය යටතේ වගා කළ පිපිඤ්ඤා (Green Cucumber) අස්වනු නෙලිමේ අවස්ථාවකටද ආණ්ඩුකාරවරිය එක්වීම විශේෂත්වයකි. මෙම ගොවි බිම් වල අතුරු භෝග ලෙස උසස් මඤ්ඤොක්කා ප්‍රභේදයක් වගා කර තිබු අතර එහි අස්වනු වල ගුණාත්මකභාවය පිළිබඳව ද ආණ්ඩුකාරවරිය පරීක්ෂා කළාය. එම වගා බිම් දැක බලා ගැනීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරිය මාන්කේනි ප්‍රදේශයේ හේලීස් ආයතනය මගින් ස්ථාපිත කර ඇති පිපිඤ්ඤා (Green Cucumber) අපනයන සැකසුම් කර්මාන්ත ශාලාවේද නිරීක්ෂණ චාරිකාවකට එක්වූවාය.

     

    මේ අවස්ථාවට පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් අයි.ජී.කේ මුතුබණ්ඩා, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය එම්.හුසේන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya