මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩු කෙටි කර සිසුන්ට මගහැරෙන සියලූ කාලච්ඡ්ද ආවරණයට විශේෂ වැඩසටහනක්

    ජූනි 21, 2022

    එළඹෙන අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩු කෙටි කර පාසල් පැවැත්වෙන දින ගණන වැඩි කර එම අතිරේක දිනවල දී මෙම කාලය තුළ දරුවන්ට මඟ හැරෙන සියලූ ම කාලච්චේචේද ආවරණය කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ, අද ( 21) යෙදී ඇති ජාත්‍යන්තර යෝග දිනය නිමිත්තෙන් කොළඹ නිදහස් චතුරශ‍්‍ර පරිශ‍්‍රයේ දී පැවති රැස්වීමෙන් අනතුරුව ය.

    ප‍්‍රාථමික ගුරුවරුන්ට ජූලි මස සිට අඛණ්ඩ පුහුණු සැසි පැවැත්වෙන අතර උසස් පෙළ ගුරුවරුන් සඳහා විශ්වවිද්‍යාල පද්ධතිය ඔස්සේ පුහුණු සැසි ලබාදීම මගින් උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට පුනරීක්ෂණ, ප‍්‍රශ්නෝත්තර හා අතිරේක වැඩසටහන් පැවැත්වීමට නියමිත ය.

    මෙම විශේෂ අධ්‍යාපන වැඩසටහන් අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් යන මාසවල ක‍්‍රියාවට නැංවෙන අතර සියලූ පුහුණු සැසි ජූලි මාසයේ දී පැවැත්වීමට අවශ්‍ය කටයුතු, පළාත් නවයේ ම අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කරගෙන දෛනික ව ලබාගන්නා දත්ත හා තොරතුරු ඇසුරින් මේ වනවිටත් සම්පාදනය කෙරෙමින් පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    එසේ ම දිවයිනේ ප‍්‍රධාන නගරවල හැර සෙසු ග‍්‍රාමීය ප‍්‍රදේශවල 70% -80%ක ප‍්‍රතිශතයකින් ගුරුවරුන්ගේ හා සිසුන්ගේ පාසල් පැමිණීම් වාර්තා වන බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

    තවදුරටත් අදහස් දක්වමින් විසි එක් වෙනි සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ද අමාත්‍යවරයා සදහන් කළේ ය.එය කෙටුම්පතක් ලෙස නීති කෙටුම්පත් සම්පාදකගෙන් යළි ඉදිරිපත් වූ පසු කැබිනට් අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කිරීමෙන් අනතුරු ව ඕනෑ ම පාර්ශ්වයකට දින 14 ක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඒ සඳහා අභියෝග කළ හැකි බවත් ශේෂ්ඨාධිකරණයෙන් ලැබෙන නියෝග මත එය පාර්ලිමේන්තුවේ විවාදයට ගත හැකි බවත් අමාත්‍යවරයා පැවසුවේ ය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya