අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම්වල කෙටිකාලීන බෝග වගා කිරීමට පියවර - කෘෂිකර්ම අමාත්‍ය

    ජූනි 21, 2022

    දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම්වල කෙටිකාලීන බෝග වගා කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක මහින්ද අමරවීර මහතා අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

    එම ඉඩම් බොහොමයක් කිසිඳු ප්‍රයෝජනයකට නොගන්නා අතර ඇතැමුන් දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බලෙන් ඇත කර ගැනීමට ද කටයුතු කර තිබෙන බව සඳහන් කරන ලදුව, මෙම උද්ගතව ඇති තත්ත්වය සැළකිල්ලට ගෙන සහ ජාතික අහාර අවශ්‍යතාවය ද සැළකිල්ල ට ගෙන මෙම තීරණය ගෙන ඇති බව ද හෙතෙම මෙහි දී ප්‍රකාශ කළේය.

    එම ඉඩම් වල කව්පි, බඩ ඉරිඟු, මිරිස් වැනි විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි වන සහ මෙරටට අත්‍යවශ්‍ය වන බෝග වගා කිරීමට ද සකච්ඡා කොට ඇතැයි හෙතෙම මෙහි දී පැවසුවේය.

    එමෙන්ම, කන්දකාඩු ගොවිපල ආරක්ෂක අංශ, සහ පෞද්ගලික අංශයේ ආයෝජකයින් එකතුව තෘණ සහ බඩඉරිඟු සහ සෝගම් වැනි සත්ත්ව ආහාර වෙනුවෙන් ලබා දීමට වහාම කටයුතු කිරීමටත් ඉදිරි මහා කන්නයේ දී වගා කළ හැකි සියලු ඉඩම් වගා කිරීමේ වැඩපිළිවෙලට කන්දකාඩු ගොවිපළේ දායකත්වය ද ලබා දීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව, ඉදිරියේ දී මෙරට ඇති විය හැකි අහාර අර්බුදය උදෙසා වගා කල හැකි රජයට අයත් සියලුම ඉඩම් වගා කිරිමට පියවර ගන්නා බවත්, මෙරට වගා කිරීමේ පවතින ප්‍රධාන ගැටලුව වනා පොහොර නොමැති වීම සම්බන්ධයෙන් ගත් කළ එම ගැටලුවද නිරාකරණය කරමින් ඉදිරි මාසයේ දී පොහොර ලබා දීමට හැකි වනු ඇති බවත්, ඒ අනුව පොහොර අවශ්‍ය සෑම ගොවියෙකුටම අවශ්‍ය පොහොර ලබා දීමට කඩිනම් වැඩපිළිවෙලක් දැනටමත් සකස් කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

    ඒ අනුව, ඉදිරියේ ඇති වීමට තිබූ දැවැන්තම අර්බුදකාරී වාතාවරණය තරමක් දුරට මැඩපැවැත්වීමට මෙම ක්‍රියාවලීන් නිසා හැකිව තිබෙන බව ඒ මහතා කියා සිටි අතර අහාර අර්බුදයක් ඒවි යැයි පවසමින් අනවශ්‍ය ලෙස වී තොග රැස් කර ගබඩා කර තැබීමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya