අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදිසි,අත්‍යවශ්‍ය සේවා නොවන්නේ නම්, ඉදිරි දින තුනේ පෙට්‍රල් පෝලිම්වල රැඳී නොසිටින්න- විදුලිබල සහ බලශක්ති අමාත්‍ය

    ජූනි 19, 2022

    හදිසි,අත්‍යවශ්‍ය සේවා නොවන්නේ නම් ඉදිරි දින 03 තුළ පෙට්‍රල් පෝලිම්වල රැඳී නොසිටින ලෙස විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය .

    අද (19) බලශක්ති අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    එසේම ජුනි 23 වැනිදා පෙට්‍රල් නැවක් සහ ජුනි 24 වැනිදා ඩීසල් නැවක් ලබා ගැනීමට ඩොලර් මිලියන 90 ක ණයවර ලිපි විවෘත කළ බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

     විදුලිබල මණ්ඩලයට විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීම විශේෂ ප්‍රමුඛතාවයක් ලෙස සලකන බව පැවසු අමාත්‍යවරයා ,එමගින් විදුලි කප්පාදුව පැය 2 ½ ක හෝ පැය 03ක සීමාවක පවත්වා ගැනීමට බලාපොරොත්තු වන බවද කීය.

     දුම්රිය සඳහා දෛනිකව ඉන්ධන මෙට්‍රික් ටොන් 150ක් අවශ්‍ය බව පැවසු අමාත්‍යවරයා, එම අවශ්‍යතාවය සපුරන බවත් පොදු ප්‍රවාහන පෞද්ගලික බස් රථ සදහා දෛනිකව අවශ්‍ය වන ඉන්ධන මෙට්‍රික් ටොන් 600 ක ප්‍රමාණයද ලබා දීමට කටයුතු කරන බවද කීවේය .

     මාර්ගයක ගමන් කිරීමට ප්‍රවාහන බලපත්‍රයක් ඇති පොදු ප්‍රවාහන බස් රථවලින් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ,වෙනත් ඉන්ධන පිරහුම් හල් වෙත නොයා ආසන්නම ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.ඒ සදහා ලංගම ඩිපෝ පැය 24 පුරා රාජකාරි කරන බවද කීය.

     විදේශීය සංචාරකයන් ගෙනියන සහ පාසැල් සේවය කරනු ලබන ඩීසල් භාවිතා වන බස්රථ සහ වෑන් රථ සඳහා අවශ්‍ය ඩීසල් ලංගම ඩිපෝ මගින් ලබාදීමට ක්‍රමවේදයක් සකස් කරන බව කී අමාත්‍යවරයා ,පෞද්ගලික තිරෝද රථ හා යතුරුපැදි සඳහා අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව දින වෙන් කර ඉන්ධන ලබාදීමට අවධානය යොමු වී ඇති බව ද කීය

     අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ලබන සතියේ සිට තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලින් හදිසි, අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන වෛද්‍ය කණ්ඩායම්වලට සහ පොලිස් නිල රථවලට ඉන්ධන ලබා දීමට පියවර ගන්නා බවයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya