මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ වීරත්වය ඇගයේ

    මැයි 19, 2022

    රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ස්වාධීනත්වය උදෙසා සිය වටිනා ජීවිත පරිත්‍යාග කළ යුද්ධ, ගුවන් හා නාවික හමුදාවන්හී, පොලීසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ විරෝදාර රණවිරුවන්ගේ සදාතනික මතකයන් සහ වීරත්වය ඇගයීම සඳහා වන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) දින පෙරවරුවේ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි.

    මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහභාගී වූ අතර ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් ජගත් අල්විස් (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රංජන් ලමාහේවා (විශ්‍රාමික), රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ඇතුලු ත්‍රිවිධ හමුදා නිලධාරින් මෙන්ම සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද මෙම සැමරුම් උත්සවය සඳහා සහභාගී වූහ.

    ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරණය මත රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරන ලද 13 වන ජාතික රණවිරු සැමරුම් දින උත්සවය ප්‍රධාන ආරාධිත අමුත්තාගේ පැමිණීමෙන් අනතුරුව පෙරවරු 7.30 ට පමණ ආරම්භය සනිටුහන් විය.

    2009 මැයි මාසයට පෙර එල්ටිටිඊ ත්‍රස්තවාදීන් සමඟ පැවැති කුරිරු යුද්ධයේදී මාතෘ භූමියේ ඒකීයභාවය සහ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීම උදෙසා සිය ජීවිත පූජා කළ යුද්ධ හමුදාවේ (23,962), නාවික හමුදාවේ (1160), ගුවන් හමුදාවේ (443), පොලිසියේ (2598) සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ (456) විරෝදාර රණවිරුවන් මෙම රණවිරු සැමරුම් උත්සවයේදී සිහිපත් කළහ.

    රණවිරු සැමරුම් උත්සවය ආරම්භය සනිටුහන් කරමින් ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී. වීරෝදාර රණවිරුවන්ගේ වීරත්වය සහ නිර්භීතත්වය සිහිකිරීමේ පාඨය කියවීමෙන් අනතුරුව හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් වැයෙන මලවුන් සිහිකිරීමේ සහ පිබිදීමේ වාදනය සිදුකිරීම සහ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකිරීම ආදී අංගයන් උත්සවයේ කැපී පෙනෙන අංගයන් විය.

    රණවිරු සැමරුම් උත්සවයේ වැදගත්ම අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් මානුෂිය මෙහෙයුමේදී දිවිපිදූ විරෝදාර රණවිරුවන් වෙත ප්‍රථමයෙන් පුෂ්පෝපහාර පුදකරනු ලැබීය.

    ඉන් අනතුරුව, ආරක්‍ෂක ලේකම්, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමන්, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, පොලිස්පතිතුමන්, රණවිරු සේවා අධිකාරියේ සභාපති, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් එක්ව එම විරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකිරීමට කටයුතු කරන ලදී.

    හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් වැයෙන මලවුන් සිහිකිරීමේ සහ පිබිදීමේ වාදනය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය. මීට වසර 13 කට ප්‍රථම ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් යුත් රුදුරු ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමූ එම මොහොත උදාවන තුරු වර්ෂ 2009 මැයි මස 18 දින ශ්‍රී ලාංකීය
    ජනතාව මහත් ඕනෑකමින් ජනමාධ්‍ය දෙස බලා සිටින ලදී.

    වසර 30 කට අධික කාලයක් පුරාවට රුදුරු යුද්ධයෙන් ඝාතනයට හා එම කුරිරු ත්‍රස්තවාදයෙන් බලපෑමට ලක් වූ ලක්‍ෂ සංඛ්‍යාත සිවිල් වැසියන්ගේ සමීපතමයින් හට එය ඉතා දුක්බර මතකයක් වූවද අභිමානවත් ශ්‍රී ලාංකීය වීරෝදාර රණවිරුවන් අනාගත පරම්පරාව සුරක්‍ෂිත කරමින් එම අමහිරි අත්දැකීම් ඔවුන් වෙත ඉතිරි නොකර නිදහස් දේශයක් හා ස්වෛරී රාජ්‍යයක් නිර්මාණය කිරීම උදෙසා සිය ජීවිත පූජාවෙන් මෙම දේශය එක්සේසත් කළෝය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya