මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විභාගයට මුහුණ දෙන දරුවන් අයහපත් කාලගුණයෙන් ආරක්ෂා කර ගැනීමට වැඩපිළිවෙලක්

    මැයි 19, 2022

    නිරිත දිග මෝසම සක්‍රීය වී පවතින මෙම කාලසීමාවේ දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ත්‍රිවිධ හමුදාවසහ පොලීසිය දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ දෙමාපියන් දැඩි සැළකිල්ලෙන් කටයුතු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරායා මේ බව පැවසුවේ,

    නිරිත දිග මෝසම් වර්ෂාව සමග ඇති විය හැකි ස්වභාවික ආපදා සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

    විශේෂයෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට සූදානම් බව පෙන්වා දෙන ඒ මහතා යම් ආපදාවක් ඇති වුවහොත් ක්ෂණිකව ක්‍රියාත්මක වීමට සියලුම පාර්ශ්වයන් සූදානම් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    විභාග මධ්‍යස්ථානයක හෝ නිවසක ප්‍රවේශ මාර්ග අවහිර වන්නේ නම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බෝට්ටු සේවාවන් ක්‍රියාත්මක බවත් ඒ මහතා කියා සිටී.

    සබරගමුව බස්නාහිර මධ්‍යම පළාත්වලට මෝසම් වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල විය හැකි බැවින් එම ප්‍රදේශවල දරුවන් දැඩි සැළකිල්ලෙන් පසුවන ලෙසද ඒ මහතා ඉල්ලීමක් කෙරේ.
    තවද විදුහල්පතිවරුවන් කලාප අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කර වට්ස්ඇප් සමූහයක් මේ වන විට නිර්මාණය කර ඇති බව පවසන ඒ මහතා, එමගින් ක්ෂණිකව ආපදා තොරතුරු දැනගෙන ක්‍රියාත්මක වීමට හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya