අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙළෙඳපොළ මිලට වඩා සහනාධාර මිලට කිසිදු මන්ත්‍රීවරයකුට ඉන්ධන ලබා දී නෑ

    මැයි 19, 2022

    මහජනතාවගේ කලකිරීම සහ කෝපය තමන්ට වැටහෙන අතර , මන්ත්‍රීවරුන්ට සහනදායී ඉන්ධන මිලක් ලබාදී ඇති බවට හුවමාරු වන පෝස්ට් අසත්‍ය බවත් දැනට මහජනතාවට ලබා දී ඇති වෙළෙඳපොළ මිලට වඩා සහනාධාර මිලට කිසිදු පාර්ශ්වයක හෝ කිසිවකුට හෝ කිසිදු මන්ත්‍රීවරයකුට ලබා දී නොමැති බව විදුලිබල සහ බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරයි.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය

    එසේම පොලිස් ගරාජයේ ඩිස්පෙන්සරයේ ප්‍රදර්ශනය කර ඇති මිල ගණන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍යවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරන බවත්, ගිලන්රථ හා අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කිසිවකුට ඉන්ධන පිරවුම්හල්වල වරප්‍රසාද දීර්ඝ නොකරන බවට විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ  ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya