අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2566 වන ශ්‍රී සම්බුද්ධ ඡයන්තිය නිමිත්තෙන් නාවික හමුදාවෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

    මැයි 19, 2022

    2566 වන ශ්‍රී සම්බුද්ධ ඡයන්තිය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෑම නාවික විධානයක්ම ආවරණය වන පරිදි ලේ දන්දීමේ වැඩසටහන් මාලාවක් 2022 මැයි මස 16 වන දින සිට ජුනි මස 16 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ මුලිකත්වයෙන් නැගෙනහිර නාවික විධානය මඟින් සංවිධානය කරන ලද ලේ දන්දිමේ වැඩසටහන 2022 මැයි මස 16 වන දින ශ්‍රීලංනානෞ තිස්ස ආයතනයේ පෙර පාසල් පරිශ්‍රයේ දී පවත්වන ලදි. ත්‍රිකුණාමලය මහ රෝහලේ ලේ බැංකුවේ පවත්නා රුධිර සංචිත නිසි ලෙස පවත්වාගැනීමේ අරමුණෙන්, ත්‍රිකුණාමලය මහ රෝහලේ සහ නැගෙනහිර නාවික විධාන රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් සිදු කරන ලද මෙම ලේ දන්දිමේ වැඩසටහන සඳහා ත්‍රිකුනාමලය නාවික තඨාකාංගනයට අයත් නාවික පුද්ගලයන් විශාල පිරිසක් ස්වෙච්ඡාවෙන් දායකත්වය ලබා දෙන ලදී.

    එමෙන්ම, දකුණු නාවික විධානයේ ආඥාපතිගේ මුලිකත්වයෙන් දකුණු නාවික විධානය මඟින් ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේදී (2022 මැයි 17) සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහන, හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ, ලේ බැංකුව හා සම්බන්ධිකරණය වී පවත්වන ලද අතර, මේ සඳහා දකුණු නාවික විධානයට අයත් නාවික පුද්ගලයන් විශාල පිරිසක් ස්වෙච්ඡාවෙන් දායකත්වය ලබා දෙන ලදී.

    තවද, 2022 මැයි මස 18 වන දින උතුරු මැද නාවික විධානයේදීද, 2022 මැයි මස 20 වන දින උතුරු නාවික විධානයේදී ද, 2022 මැයි මස 22 වන දින ගිණිකොන නාවික විධානයේදීද, 2022 මැයි මස 23 වන දින වයඹ නාවික විධානයේදී සහ 2022 ජුනි මස 08 හා 16 වන දිනයන්හීදී බටහිර නාවික විධානයේදී ද ලේ බැංකු සමඟ සම්බන්ධිකරණය වී මෙම ලේ දන්දීමේ වැඩසටහන් පැවැත්විමට නාවික හමුදාව කටයුතු සංවිධානය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya