අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරිත දිග මෝසම හෙට දිනය වන විට දිවයිනේ ස්ථාපිත වනු ඇත-කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    මැයි 19, 2022

    නිරිත දිග මෝසම හෙට දිනය වන විට දිවයිනේ ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කෙරෙනබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර,සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

    උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව අද (19) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya