අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රස්තවාදය පරාජය කර රට මුදාගත් ශ්‍රේෂ්ඨ දිනය අද - සභානායක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

    මැයි 18, 2022

    රට අද මුහුණ දෙන අභියෝග ජයගැනීමට, ත්‍රස්තවාදයෙන් රට බේරාගත් ශ්‍රේෂ්ඨ දිනය වන අද දිනයේ අධිෂ්ඨාන කරගත යුතුයි ; රණවිරුවන්ට උපහාර පුදකරමින් සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියයි.

    අද දිනය ( 18) , ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රේෂ්ඨ දිනය බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    අද දිනය රණවිරුවන්ට උපහාර පුදකරන දිනය බවත්, මාතෘ භූමිය කැඩීබිඳී ගොස් අපට අහිමිවන්නට ගිය අවස්ථාවේ, එවකට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ත්‍රස්තවාදය පරාජය කර රට මුදාගත් වැදගත් ම දිනය බවත්, ඔහු පාර්ලිමේන්තුවට සිහිපත් කර දුන්නේය. ආරක්ෂක බලකායන් කළ එම පරිත්‍යාගයන්ට උපහාර පුද කරන ගමන්, රට වර්තමානයේ මුහුණ දෙන අභියෝග හරහා පෙරටත් වඩා ශක්තිමත්ව ඉදිරියට යාමට කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියේය.

    සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.

    “ ගරු කථානායකතුමනි, අද ශ්‍රේෂඨ දිනයක්. අද ලංකාවේ රණවිරුවන්ට උපහාර දක්වන දිනය. මාතෘ භූමිය කැඩී බිඳී ගොස් අපිට අහිමි වෙන්න ගිය අවස්ථාවේ, අතිගරු ජනාධිපතිතුමා හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් රට ත්‍රස්තවාදය පරාජය කරපු වැදගත්ම දිනය ලෙස ඉතිහාසයට එක් වෙනවා. මේ දිනයෙදි අපේ රටේ ආරක්ෂක බලකායන් කළ ඒ පරිත්‍යාගය, ආරක්ෂා කළ රට තවදුරටත් ඉදිරියට ඊටත් වඩා ශක්තිමත්ව ගෙන යාමට ඔවුන්ට කරන උත්තම උපහාරය ලෙස අපි පාර්ලිමේන්තුවේ අද මුහුණ දෙන අභියෝග හරහා ගමන් කරමු කියන එකට තමයි අපි කවුරුත් කැපවීම් කර මේ අවස්ථාවේ ඉල්ලා සිටින්නේ.

    ගරු කථානායකතුමනි, අද දින දැන් ප්‍රශ්න දෙක තුනක් මතුකළා. ඒවට මමත් පිළිතුරු දීම යුතුකමක්. එක පාර්ලිමේන්තු ප්‍රශ්න ගැන ඔබතුමා සඳහන් කළා පක්ෂ නායක කමිටුවේදී ගත්ත තීරණයක් මතයි ඔබතුමා මේ ප්‍රශ්න තවත් දිනයකදී යොමු කරන්න තීරණය කරලා තියෙන්නේ. ඒ පක්ෂ නායක රැස්වීමේ ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් හිටියා. ඒ අනුව වෙලාව තවත් ප්‍රයෝජනයට ගැනීමට මන්ත්‍රීතුමන්ලාට හා රට මුහුණ දෙන තත්ත්වය ගැන සාකච්ඡා කරන්න තමයි ඒ තීරණය ගත්තේ. ගරු අග්‍රාමාත්‍යතුමා දැනුම් දුන්නා ඒ අවස්ථාවේදී මේ පිළිබඳව වෙනම දිනයක් යොදලා ඒ ප්‍රශ්න ඔක්කොම අපිට ඉවර කරන්න පුළුවන්. එ් නිසා අපි ඒකට බැඳි සිටිනවා. අමාත්‍යවරු හැටියට අත්‍යවශ්‍ය හදිසි ප්‍රශ්නයක් නම් එයට පිළිතුරු දීමට අදාළ අමාත්‍යවරු හැටියට අපිට හැකියාවක් තියෙනව නම් අපි ඒක කරන්න හැම තිස්සේම ලෑස්තියි.

    දෙවන කාරණය, ගරු කථානායකතුමා හෝ ඔය මූලාසනය දරණ පුටුවේ සිට දෙන නියෝගයක් ප්‍රශ්න කිරීම හෝ එයට විරුද්ධ වීමට අනුගමනය කළ යුතු පිළිවෙලක් තියෙනවා. මොන බලවත් තනතුරක් දැරුවත් ඒ පිළිවෙත අනුගමනය කරනව නම් පාර්ලිමේන්තුවට හොඳයි. හරිද වැරදිද කියලා ඒ අනුව සොයා ගන්න පුළුවන්. ඒ නිසා ගරු මන්ත්‍රීවරයකුට විරුද්ධව වචනයක් කියනව නම් ඒ කියන ආකාරය පිළිබඳ ස්ථාවර නියෝගයේ තිබෙනවා.

    ඒ නිසා ගරු කථානායකතුමනි, මං හිතනවා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් නොව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙය ඉතාමත් වැදගත්. ඒ වගේම ගරු ලන්සා මන්ත්‍රීතුමා සඳහන් කරපු දේත් ඉතාම වැදගත්.

    මේ අපේ රටේ මෑත කාලයේ බරපතළම ප්‍රශ්නය ඇතිවෙන්න මුලාරම්භයක් හැටියට ආර්ථික ප්‍රශ්නයත් ඒ වගේම ගෑස් ප්‍රශ්නය මතුවුණා. ඔබතුමාට මතකයි. අපේ විරුද්ධ පක්ෂයේ නායකතුමා ප්‍රශ්නය නගපු වෙලාවෙම ඔබතුමාට යෝජනා කළා හදිසි පාර්ලිමේන්තු අමාත්‍යංශ උපදේශක කොමිටියක් තියන්න ස්ථාවර නියෝග පරිදි. ඔබතුමාට තමයි ඒ බලය තියෙන්නේ. ඒ අමාත්‍යංශය කැඳවලා ඕනෑම මන්ත්‍රිවරයෙක්ට ඒ ගැන සාකච්ඡා කරන්න ඒ අදාළ බලධාරීන් සමඟ. ඒ සමඟම ඇති වූ ඒ ක්‍රියාවලිය අලුත් විසඳුමක් සෙවීම සඳහා උත්සහ දැරුවත් එය සම්පූර්ණ කරගන්න බැරිවුණා පාරිභෝගියන්ගේ ඉල්ලීම පරිදි.

    එවැනි තත්ත්වයක් තියෙන නිසයි පසුගිය මාස කිහිපයම මේ ප්‍රශ්නය, ලන්සා ඇමතිතුමා කියන තෙල් ප්‍රශ්නයත් ඒකයි. අපි සාකාච්ඡා කරන්නේ මේ පාර්ලිමේන්තුවේ ඒ නිසා ඇතිවෙච්ච දේශපාලන ප්‍රතිචාර ඊට පස්සේ විවිධ උද්ඝෝෂණ විවිධ ක්‍රියාමාර්ග මේ පාර්ලිමේන්තු ගේට්ටුවට පවා ආපු ආකාරය බොහොම ඉක්මණට අමතක කරන්න හොඳ නැහැ.

    මේ නිසාම ගරු මන්ත්‍රිතුමාලා සංවිධායකතුමත් සඳහන් කළා, මන්ත්‍රීවරු රාශියක් ඉල්ලා සිටිනවා හෙට දිනයේත් අද පැවැත්වෙන මෙම විවාදයම ගෙන යන්න කියලා ගරු කථානායකතුමනි, මම ඒ ඉල්ලීම කරනවා. මොකද ඒ අය මුහුණ දෙන බරපතළ තත්ත්වයක් නිසා අපි කලින් කෝප් වාර්තාව ගැනීමට එකඟතාවයක් ඇති කළා. ඊට වඩා මෙය ජාතික වශයෙනුත් මන්ත්‍රීතුමාලා නියෝජනය කරන ජනතාව වශයෙනුත් වැදගත්. අග්‍රාමාත්‍යතුමත් එකඟතාවය පළ කරලා තියෙනවා.

    මම මිට වඩා වෙන මන්ත්‍රීතුමලා කියපු දේවල් කියන්නේ නැහැ. මොකද ඒ මන්ත්‍රීතුමාලා කියපු දේවල් මූලාසනයට එරෙහිව කරන වැරදි ප්‍රකාශ. ඒවාට ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්න පුළුවන්. සභාවේ කටයුතු ඉදිරියට කරගෙන යන්න, මේ වගේ වැදගත් දවසක් සිහිපත් කරමින්. ”යැයි පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya