අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත්

    මැයි 15, 2022

    දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්) දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

    උතුරු පළාතේ අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන තද සුළං (පැ.කි.මී. (40-50)) ඇතිවිය හැකි බවද අද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya