අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

    මැයි 12, 2022

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී අද (12) පස්වරුවේ අභිනව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ය.

    එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙලෙස දිවුරුම් දෙන්නේ 6 වන වතාවටයි.

    ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පැවැති රජයට ජනතා විරෝධයක් එල්ල විය. එමෙන් ම පසුගිය දා අරලියගහ මන්දිරයට රැස් වූ පිරිසක් ගාලු මුවදෝර පැවැති අරගල භූමියේ පිරිස් වෙත ප්‍රහාරයක් එල්ල කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස රට පුරා නොසන්සුන්තාවක් වර්ධනය විය.

    මෙම තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත්වීමට පියවර ගත් අතර ඒ හේතුවෙන් පැවැති අමාත්‍ය මණ්ඩලය අහෝසි විය.

    පවතින දේශපාලන අස්ථාවරත්වයට විසඳුමක් කඩිනමින් ලබාදිය යුතු බැවින් පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත්, ඒ වගේම රටේ ජනතාවගේ විශ්වාසය තහවුරු කර ගන්න පුලුවන් අග්‍රාමාත්‍යවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (11) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

    ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, මෛත්‍රී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු  අභිනව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya