මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බ්‍රෝඩ්ලනඩ් ජලවිදුලි බලාගාරය ඉදිරි මාස කිහිපය ඇතුළත ජනතා අයිතියට පත්කරනවා

    ජනවාරි 16, 2022

    බ්‍රෝඩ්ලනඩ් ජලවිදුලි බලාගාරය ඉදිරි මාස කිහිපය ඇතුළත ජනතා අයිතියට පත් කරන බව ඉදිරි මාස කිහිපය තුළ සූර්යබල , සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

     

    එම බලාගාරයේ අවසන් අදියරේ ඉදිකිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


    අවම නිෂ්පාදන පිරිවැයක් දරමින් මෙගාවොට් 35 ක විදුලි ධාරිතාවයක් යුතු බ්‍රෝඩ්ලන්ඩ් ව්‍යාපෘතිය මගින් වාර්ෂිකව ගිගාවොට් පැය 126 ක විදුලි නිෂ්පාදනයක් මෙරට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතය.
    ලක්ෂපාන විදුලි බලාගාර සංකීර්ණයේ අවසන් ජල විදුලි බලාගාරය වන බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරය ඇමරිකානු ඩොලර් මිලියන 97 ක ව්‍යාපෘති පිරිවැයක් දරමින් ඉදි කෙරේ.


    කැළණි ගඟෙහි අතු ගංඟාවක‍් වන කෙහෙල්ගමුව ඔය හරහා ඉදිකෙරන කුඩා වේල්ලක් මගින් එහි ජලය ප්‍රධාන ජලාශයට යොමු කෙරෙන අතර මෙහි විදුලි බලාගාරය කිතුල්ගල කළුකොහුතැන්න ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතියි.
    ව්‍යාපෘති ඉදිකිරීම් කටයුතු අවසන් වූ පසුව මෙම ව්‍යාපෘතියට අනුබද්ධව සංචාරක ආකර්ෂණය වැඩි කිරීම පිණිස බලශක්ති කෞතුකාගාරයක් සහ බලශක්ති උද්‍යානයක් ඉදිකිරීමට ද සැලසුම් කර තිබේ.


    මෙම අවස්ථාවට සූර්යබල , සුළං හා ජල විදුලි ජනන ව්‍යෘපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් හේමන්ත සමරකෝන් , ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් සුලක්ෂන ජයවර්ධන, ව්‍යෘපෘති අධ්‍යක්ෂ හා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු රාජ්‍ය නිලධාරී පිරිසක් ද එක්විය.
    ජනතාවට අඩු වියදම් බලශක්තිය ලබා ගැනීම සහතික කිරීම සූර්යබල , සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ මූලික පරමාර්ථයයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya