අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුත්තල කර්මාන්තපුරයෙහි නව කර්මාන්ත ශාලා 03ක් විවෘත කෙරේ

    ජනවාරි 15, 2022

    ''දිනන රට පුබුදන කර්මාන්ත" : කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සුරතින් බුත්තල කර්මාන්තපුරයෙහි නව කර්මාන්ත ශාලා 03ක් විවෘත කෙරේ.

    'දිනන රට පුබුදන කර්මාන්ත' වැඩසටහන යටතේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින බුත්තල කර්මාන්තපුරයෙහි කර්මාන්ත ශාලා 03ක් විවෘත කිරීමේ සහ නව කර්මාන්ත ශාලා 07ක් සඳහා මුල් ගල් තැබීමේ උත්සවයක්, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් (13) එම කර්මාන්තපුර පරිශ්‍රයේදී පැවැත්විණි.

    කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂිකර්ම අංශයේ නවීකරණ ව්‍යාපෘතිය යටතේ කර්මාන්තකරුවන් සඳහා අගයදාම සංවර්ධන අරමුදල් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.

    මෙම අවස්ථාවට කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, මොනරාගල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති කුමාරසිරි රත්නායක, හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, වෛද්‍ය ගයාෂාන් නවනන්ද යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජානිපෙ දිස්ත්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ යන මහත්වරු ද එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya