අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොව පුරා රටවල් 194 ක් අතරින් ශ්‍රී ලංකාව එන්නත්කරණයෙන් තෙවන තැනට -සෞඛ්‍ය ඇමති

    ජනවාරි 13, 2022

    ලොව පුරා රටවල් 194 ක් අතරින් ශ්‍රී ලංකාව එන්නත්කරණයෙන් තෙවන ස්ථානයට ඊයේ වන විට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹූක්වැල්ල මහතා පවසයි.

     

    රටෙහි සාර්ථක එන්නත්කරණය තුලින් ජනතාවගේ ජීවිතයට ඉඩක් ලබාදී ඇති බවත් එය රටක් ලෙස ජනතාවට මේ සියවසේ ලබාදුන් ඉහළම ජයග්‍රහණයක් බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා කීය.

    හොරණ, මිල්ලෑව ප්‍රදේශයේ ඉදිකෙරෙන නව ඖෂධ කර්මාන්ත ශාලා තුනක් සදහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා නාගරික සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම නිමිත්තෙන් නාගරික සංවර්ධන අධිකාරියේ (12) පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    අක්කර 64 ක භූමි භාගයක දීර්ඝ කාලීන බදු පදනම යටතේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මෙම නව කර්මාන්ත ශාලා ඉදි කිරීමට සැලසුම් කර ඇත. පිළිකා නාශක ඖෂධ, විකලාංග උපාංග ඖෂධ, සාමාන්‍ය පෙති හා කරල් නිෂ්පාදන කර්මාන්ත ශාලා ත්‍රිත්වයක් මින් ආරම්භ කෙරේ. මෙයින් කර්මාන්ත ශාලා දෙකක් වසර දෙකහමාරක් තුල හා තවත් කර්මාන්ත ශාලාවක් වසරක් තුල ඉදිකිරීමට සැලසුම් කෙරේ. මෙමගින් විශාල විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට අපේක්ෂා කෙරේ.

    උපරිම එන්නත්කරණය තුලින් රටෙහි ජනතාව ජීවිත අවදානමෙන් බේරා ගැනීම එහි ඉලක්කය බවත් මේ වන විට වසරක් තුල තෙවන එන්නත කරාද ශ්‍රී ලංකාවට සාර්ථකව යෑමට හැකි වී ඇති බවත් අමාත්‍යවරයා කීය.

    ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන මෙරට කොවිඩ් පාලනයට ඉහළ සහයෝගයක් ලබාදුන් බවත් එහෙත් බොහෝ රාජ්‍යන්ට ඍජුව ඒ වෙනුවෙන් සහය දැක්වීමට නොහැකිවු බවත් ලොව පුරා බොහෝ රටවල්හි ව්‍යසනය පැතිර යාම මෙයට හේතුව බවත් අමාත්‍යවරයා කීය.

    මෙහිදී වැඩිදුරටත් කතා කල සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

    දේශීය ඖෂධ නිෂ්පාදනයට අවතීර්ණ වීම විදේශ විනිමය රැක ගැනීම සදහා වන සාධනීය පියවරකි. සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුල මේ බව පැහැදිළිවම පෙන්වා දී තිබෙනවා. හැටනව ලක්ෂයක් ජනතාව ජන්දය ලබා දුන්නේ එවැනි වැඩපිළිවෙලක් සදහායි. අද එය යථාර්තයක් බවට පත්වී තිබෙනවා.

    ඖෂධ නිෂ්පාදන වැඩපිළිවෙල පිළිබඳව අපේ දැඩි විශ්වාසයක් තිබෙනවා. 70% ක් දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීම අපේ ඉලක්කයයි. එය දුෂ්කර ගමනකි. බොහෝ දුෂ්කර ඉලක්ක කරා යෑමට දුෂ්කර අසීරු අවස්ථාවන්හි අපහසුය. මෙය ගෝලීය වශයෙන් අතිශය දුෂ්කර කාල වකවානුවක් වුවත් ඒ් දුෂ්කර වකවානුවේ අසීරු ඉළක්ක කරා උපරිමයෙන් ගමන් කිරිම ජනාධිපතිතුමා මෙන්ම රජයේ ද ඉළක්කයයි.

    ජනාධිපතිතුමන් රට බාර ගන්නා විට ගෝලීය ව්‍යවසන තත්ත්වක් නොතිබුණ අතර නමුත් වසර දෙකකට අධික කාලය තුල රටට ගමන් කිරිමට සිදු වූයේ ව්‍යසනය ඔස්සේය. 2005 සුනාමි ව්‍යසනයේ දී අපට බොහෝ රටවල් උදව් කළද මෙම ව්‍යසනයේ අපට ඒවැනි තත්ත්වයක් බලාපොරොත්තු විය නොහැක. එය අනෙකුත් රටවල්ද ගෝලීය වශයෙන් දුෂ්කරතාවයට මුහුණ පා සිටින නිසාවෙනි.

     

    රටට ලැබිය යුතු විදේශ විනිමය ඉතා විශාල ලෙස රටට අහිමි වි තිබෙනවා මේ නිසා ආණ්ඩුව ඉහළ කළමණාකාරීත්වයකින් යුතුව වැඩකටයුතු කරනවා. අසීරුම මොහොතක්ය අද අපි පසු කරන්නේ. තාවකාලිකව යාම ප්‍රශ්ණ තිබුණ ද රජයක් ලෙස අපි දැඩි විශ්වාසයකින් දිගු කාලීන හා මධ්‍යකාලීන ලෙස මේ ප්‍රශ්ණ විසදා ගනිමින් ඉදිරියට ගමන් කරනවා. ණයවර ලිපි නිකුත් කිරිම පිළිබද යම් යම් ගැටළු තිබුණ ද ඒ්වා නිරාකරණය කර ගනිමින් ඉදිරියට ගමන් කරනවා.

    ඖෂධ සම්බන්ධයෙන් අපට මේ මොහොතේ කිසිදු ප්‍රශ්ණයක් නොමැති වුවත් යම් යම් අසීරුතා පැමිණිය හොත් එයට මුහුණ දිමට අවධානය යොමු කරමින් සිටිනවා.

    මෙරටට ඖෂධ ගෙන්වීමට අදාලව පියවර ගණනාවක් මේ වන විට සාකච්ඡා වෙමින් තිබෙනවා. අපි යම් යම් ගැටළු හදුනා ගනිමින් ඒ්වාට අවශ්‍ය විසදුම් වලට ප්‍රමුඛතාවය ලබාදිම සදහා අරමුණු කර ගනිමින් කටයුතු කරනවා.

    ගෝලීය වශයෙන් කුමන බාධා තිබුණ ද රටට අවශ්‍ය ඖෂධ වෙනුවෙන් සෑම විටම ප්‍රමුඛතාවයක් ලබාදෙනවා. ගෝලීය ව්‍යවසනය සමග මෙවැනි අත්‍යාවශ්‍යතාවයන් සදහා ලොව පුරා අවධානය යොමු වී තිබෙන මොහොතක අප ද ඒ් වෙනුවෙන් ඉහළ පුමුඛතාවයකින් කටයුතු කරනු ලබනවා. ඕනෑම රටක් දුෂ්කරතාවයකින් තොරව සාමාන්‍ය තත්ත්වයකින් තිබේ නම් රටක් ගෙනයාමට අසීරුතාවයකින් තොරව හැකියාව පවතිනවා. අසීරුතාවය තුළ අපේ උපරිම අවධානය යොමු කරමින් කටයුතු කරනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයට සෑම විටම මූලික අවධානය යොමු කරමින් අප රජයක් ලෙස හැකි උපරිමයෙන් කටයුතු කරනු ලබනවා.

    ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමනය පිලිබද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මෙහිදී අදහස් දක්වමින්,

    මෙම කර්මානත ශාලා ඉදිවීමෙන් පසු මෙරට සමස්ත ඖෂධ සහ වෛද්‍ය උපකරණ වල අවශ්‍යතාවයෙන් සියයට 10-12 අතර වටිනාකමකින් යුතුව නිෂ්පාදනය කිරීමේ හැකියාව ලැබෙනවා. විකලාංග වෛද්‍ය විද්‍යාව සදහා යොදා ගන්නා උපකරණ ඉතාම මිල අධිකය බොහොමයක් ජර්මනිය, ස්විටර්ලන්තය වැනි යුරෝපීය රටවලින් ගෙනෙනු ලබන උපකරණය ඇතැම් වෛද්‍ය උපකරණ මෙරට මුදලින් ගත්විට රුපියල් බිලියන 02 ක් 03 ක් වන අවස්ථා ද තිබේ. පිළිකා ඖෂධ සදහා වාර්ෂිකව වියදම් කරනු ලබන විශාල මුදලක් අප රට තුල ඉතිරි කර ගැනීමටද මින් හැකියාව ලැබේ.

    නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙහිදී අදහස් පල කරමින්,

    මේ වන විට රටේ මාධ්‍ය තුලින් කථා කරන්නේ ප්‍රශ්න ගැන පමණක් බවත්. වර්තමානයේ රජය ගැටළු විසදීමට පමණක් නොව අනාගතය වෙනුවෙන් සිදු කරන මෙවැනි වටිනා වැඩකටයුතු ගැන ජනතාව දැනුවත් නොමැති බව ද පැවැසීය. ජනවාරි මස සිට සැම සති තුනකටම වරක් අවසන් වූ ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට සිය අමාත්‍යංශය කටයුතු කරන බව ද ඒ මහතා පැවැසීය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමනය පිලිබද රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya