අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික්කයේ තවත් 136ක ට පත්වීම් ප්‍රදානය කෙරේ

    ජනවාරි 06, 2022

    උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ තවත් 136ක ට පත්වීම් ප්‍රදානය කෙරේ

    උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උපාධිධාරීන් 87කු ට හා තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උපාධිධාරීන් 49ක‍ ට රාජ්‍ය සේවය සඳහා නව පත්වීම් දීම ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකෙ‍රිණි.

    “ 2012 වසරෙන් පසුව වසර 10ක කාලයක් යෞවනය කැපකරමින් බලාසිටි ඔබට අද ස්ථීර පත්වීම දීමට හැකිවීම පිළිබඳව මම සතුටු වෙනවා. රාජ්‍ය සේවයට ඇතුලත් වීම යනු රටේ මධ්‍යම පන්තියට ඇතුලත් වීම ලෙසයි සැලකෙන්නේ. පර්චස් කිහිපයක ඉඩමක කුඩා දෙමහල් නිවසක්, පුංචි කාර් රථයක් වගේ දේවල් රටේ මධ්‍යම පන්තියට පොදු වූ සිහින. එම සිහිනවලට ලංවෙලා සිහින සැබෑ කරගත නොහැකිව දශකයකට ආසන්න කාලයක් ඔබට බලා සිටීමට සිදුවීම පිළිබඳ කණගාටුවක් ඇතත් අද ඔබට ලැබෙන රැකියා පත්වීමත් සමගම ඔබගේ ඉදිරි ගමන සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා.” යැයි පත්වීම් ප්‍රදානයේදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කීවේය.

    ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ලෝකයම කොරෝනා වසංගතය විසින් ආර්ථිකය ගිලන් කරන ලද අවස්ථාවක පත්වීමක් ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට ස්තූතිවන්ත විය යුතු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය

    “වසංගත තත්ත්වය තුළ පවා අපි ප්‍රධාන ජයග්‍රහණ තුනක් අත්පත් කර ගත්තා. එන්නත්කරණය ඉතා කාර්යක්ෂමව ඉටුකිරීම තුළින් අපි නිරෝගී ජාතියක් බවට පත්වී තිබෙනවා. එය පළමු වැන්නයි. සමහර දියුණු රටවලට පවා එම ඉලක්කයට ලඟාවීමට නොහැකිවී තිබෙනවා. දෙවැන්න වසංගත තත්ත්වයට මුහුණදෙමින් පාසල්, විශ්වවිද්‍යාල, අධ්‍යාපන පීඨ විවෘත කර පවත්වාගෙන යෑමට හැකිවීමයි. තුන්වන ජයග්‍රහනය ලෙස දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ වුවද රාජ්‍ය සේවයේ ඔබට යුක්තිය ඉෂ්ඨ කිරීමට හැකියාව ලැබීම හඳුන්වන්න පුලුවන්”යැයි අමාත්‍යවරයා පැවසීය.

    අපි මොහොතකට සිතමු 2050 වසරේදී ඔබ සියලු දෙනාම විශ්‍රාම යෑමට නියමිතයි කියලා. 2050 වනවිට ලෝකයේ දැනුම තාක්‍ෂණය අද තිබෙන තත්ත්වයට වඩා කොපමණ වර්ධනය වී තිබේවිද? එය දැනටමත් විද්‍යාඥයින් අනුමාන කර තිබෙනවා. මා ඔබට කරන යෝජනාව නම් එම තාක්‍ෂණය, දැනුම අත්පත් කර ගැනීමට රාජ්‍ය සේවකයන් ලෙස ඔබත් ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස අපිත් දැන සිටම සූදානම් විය

    යුතුයි. ඒ වගේම ජනතාව ඒ සඳහා සූදානම් කිරීමේ වගකීම අප දෙපාර්ශ්වය මත පැවරෙනවා. උදාහරනයක් ලෙස මා මාගේ අමාත්‍යශය යටතේ පවතින තැපැල් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන්නේ 1908 සම්මත කරන ලද වසර 113 ක් පැරණි පනතකින්. අවසන් සංශෝධනය සිදුවී ඇත්තේ 1973 වසර 43 කට පෙරයි. එනම් වර්තමාන සමහර තත්වවලට ගැලපෙන ලෙස තැපෑල වෙනස්වී නොමැති බව එමගින් පැහැදිලි වෙනවා. ඒ හේතුවෙන් තැපැල් දෙපාර්තුමේන්තුව පවත්වාගෙන යාමට සෑම මසකම භාණ්ඩාගාරයට රුපියල් මිලියන 400ක් ලබාදීමට සිදුවී තිබෙනවා. නමුත් බංගලාදේශ තැපැල් දෙපාර්තුමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 300 ක වාර්ෂික ලාභයක් උපයනවා. මමත් විත්තිකරුවෙක් ලෙසයි මෙය පවසන්නේ.” මෙම උත්සව අවස්ථාවට සහභාගී වූ ජනමාධ්‍යය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරත් ප්‍රකාශ කළේය.

    විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභා සභාපති සනත් හෙට්ටිආරච්චි, තිහගොඩ ප්‍රාදේශීය සභා සභාපති නිර්මාල් සමරසිංහ, කඹුරුපිටිය ප්‍රාදේශීය සභා සභාපති ආනන්ද වීරසිංහ, කඹුරුපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු නියෝජිත චන්දන සිරිබද්ධන යන මහත්වරුන් ද කඹුරුපිටිය, තිහගොඩ සහ කිරින්ද පුහුල්වැල් ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya