අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්ග සංවර්ධනයේ දී උතුරු නැගෙනහිර ප්‍රදේශවලට කිසිදු අසාධාරණයක් වීමට ඉඩක් නෑ- රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා

    දෙසැම්බර් 05, 2021

    මාර්ග සංවර්ධනයේ දී උතුරු නැගෙනහිර ප්‍රදේශ වලට කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතැබූ බව මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහා මාර්ග අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ අද පැවති විවාදයට ඒක්වෙමිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටට ලබා දුන් පොරොන්දුව ඉටු කරමින් සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ මාර්ග කිලෝ මිටර් ලක්ෂයක් සංවර්ධනය කරන ව්‍යාපෘතිය වසර 05 අවසානයේදී ඉටු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    විශේෂයෙන්ම කෝකිලායි පාලම ඉදිකිරීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා සිහිපත් කළේය. වසර 05ක් පැවති යහපාලන රජය කින්යා පාලමට මුල් ගල තැබුවද පාලම ඉදි නොකළ බව පෙන්වා දුන්නේය. සංවර්ධනයේදී යම් විෂමතාවයක් උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි දැකිය හැක්කේ පැවති 30 වසරක යුද්ධය හේතුවෙන් සංවර්ධනය ඇණ හිටීම නිසා බවත් පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, යාපනයේ දිස්ත්‍රික්කයේ පමණක් කිලෝමීටර් 300ක් සංවර්ධන කිරීම ආරම්භ කර ඇති බවත් තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇතැයිද කිය.

    විශේෂයෙන් කිලෝ මීටර් ලක්ෂයක් මාර්ග සංවර්ධන ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වන්නේද ග්‍රාමීය මාර්ග සංවර්ධනය කර ග්‍රාමීය ජනතාවට සිය කෘෂිකාර්මික, සත්ව නිෂ්පාදන ඇතුළු අනෙකුත් ග්‍රාමිය නිෂ්පාදන කලට වේලාවට වඩාත් ඉක්මනින් නගරය කරා ගෙන ඒම වන බවද කීය.

    මේ රටේ මාර්ග සංවර්ධනය ගැන කතා කළොත්, මහින්ද රාජපක්ෂ හිටුපු ජනාධිපතිවරයාගේ යුගයට ගහන්න යුගයක් නැහැ. අපි ඒදා පිටරට වලට ගිහින් ඒ පාරවල් දැක්කම ඒ වගේ පාරවල් මෙහෙ හදන්න පුළුවන් වෙයි කියා හිතුවේ නැහැ. කොවිඩ් වසංගතයේදී ලෝකයේම වැඩ නතර වෙලා තියෙද්දිත් මාර්ග සංවර්ධන කටයුතු අඛන්ඩව කර ගෙන ගියා. මාර්ග සංවර්ධන නිලධාරින් අඛණ්ඩව වැඩ කලා. මේ නිසා අද ලෝක බැංකුව පවා ප්‍රශංසා කරනවා. අද ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් අපිට ණය ලැබිල තිබෙනවා.

    ලංකාගම, මීමුරේ මාර්ග ඉදි කිරී‌මේදී විපක්ෂය විවිධ චෝදනා එල්ල කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා අද ඒම මාර්ග සංචාරකයන් ආකර්ෂණය කිරීමට සමත් වී ඇතැයිද සඳහන් කළේය. විපක්ෂය විසින් කරන සාධාරණ විවේචන පිළිගන්නා බව පෙන්වා දුන් අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ සැපයුම් මාර්ග හේතුවෙන් යට වූ බවත් ඒම විවේචන පිළිගෙන ඒම සියළු සැළසුම් වෙනස් කිරීමට කටයුතු කළ බවද කිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya