අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ම්ලේච්ඡ ඝාතකයන්ට උපරිම දඬුවම්-පාකිස්තාන අගමැතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට සහතිකයක්

    දෙසැම්බර් 05, 2021

     දැනටමත් 113ක් අත්අඩංගුවට ...
     සාධාරණය ඉටුවනු ඇති බවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව පාකිස්තාන රජය කෙරෙහි තබා ඇති විශ්වාසය උපරිමයෙන් තහවුරු කරනවා ....
     දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ විශ්වාසය කිසිවිටෙක පලුදුවීමට ඉඩ තබන්නේ නැහැ ...

    පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතා ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සියලු අපරාධකරුවන්ට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බවට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහතික වෙයි.

    ජනාධිපතිතුමා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් පාකිස්තාන අග්‍රමාත්‍යවරයා සඳහන් කළේ දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ විශ්වාසය කිසිවිටෙක පළුදුවීමට ඉඩ නොතබන බවයි.

    සිදුවීමට අදාළ සියලු වීඩියෝ දර්ශන සහ තොරතුරු මේ වන විට පාකිස්තාන ආරක්ෂක අංශ විසින් ලබාගෙන ඇත. සැකකරුවන් 113 දෙනෙක් දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉතිරි පිරිස් ද සොයා අඛණ්ඩ මෙහෙයුම්
    ක්‍රියාත්මක බව පාකිස්තාන අග්‍රමාත්‍යවරයා සඳහන් කරයි.
    දීර්ඝකාලයක් පුරා පාකිස්තානයේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා කළමණාකරුවෙකු ලෙස ඉතා ඉහළ වෘත්තීය නිපුණත්වයක් පෙන්වූ අයෙකු බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමා සමග පැවසීය.
    අපරාධකරුවන්ට දෙවියන් වහන්සේගෙන් සමාවක් නැති අතර නීතියෙන් ද ඔවුන්ට කිසිදු සමාවක් හිමි නොවන බවත්, සාධාරණය ඉටුකර, වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙනු ඇති බවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව තබා ඇති විශ්වාසය උපරිමයෙන් තහවුරු කරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya