අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාම නිලධාරින්ගේ කාර්යාල පහසුකම් නැංවීම උදෙසා 2022 වසරේ නිල සෙවන කාර්යාල 1150 ක්

    දෙසැම්බර් 04, 2021

    ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රටතුළ ප්‍රබල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම ආරක්ෂක ආයතනයන්ට උපදෙස් ලබා දී ඇතැයි ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි පැවසීය.

    ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට (03) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    සමස්ත ආරක්ෂක පද්ධතියේ සිදු වූ භයානක බිඳවැටීම හා පිරිහීම සමඟ පසුගිය සමයේ මෙරට ජනතාව මුහුණ දුන් අභියෝගවලට නැවතත් මුහුණදීමට ඉඩ නොතබන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. ජාතික ආරක්ෂාව තහවුරු කිරිමට 2019 දී ලබාදුන් ජනවරම වත්මන් රජය ඉහළින්ම පිළිගෙන කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

    වසංගත උවදුරු, ආපදා, ත්‍රස්තවාදී ක්‍රියා, මත්ද්‍රව්‍ය, ප්‍රචණ්ඩත්වය, තහනම් ආයුධ, මිනිස් ජාවාරම, ළමා හා කාන්තා හිංසනය, පරිසරය හා ජාතික වස්තු විනාශය වැනි සියලු ආකාරයේ තර්ජනවලින් ජනතාව ආරක්ෂා කිරීම සහ ජාතික ආරක්ෂාව සහතික කිරීම සිය පළමු යුතුකම ලෙස සලකා රජය කටයුතු කරනු ලැබේ. රජය ඉදිරියේදී ඇති විය හැකි තර්ජනවලට මුහුණ දීම සඳහා පුළුල් ජාතික ආරක්ෂක උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙරට සියලුම බුද්ධි සේවාවන් සවිබල ගැන්වීම පිණිස බුද්ධි අංශ සියල්ල ඒකරාශී කිරිමට,ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හා පාස්කු ඉරිදා ප්‍රහාර සිද්ධිය විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති කොමිසම විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට සහ සන්නද්ධ හමුදාවල නිරන්තර සූදානම සහ හැකියාවන් වැඩිදියුණු කිරීමට හැකි වන පරිදි රටේ ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීම වැනි ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා කීය. පවතින ජාතික ආරක්‍ෂක ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    වසංගත මර්දන මෙහෙයුම් වලදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට මෑතකදී හඳුන්වා දුන් ඩ්‍රෝන රෙජිමේන්තුව, විවිධ සංසිද්ධීන් සොයා ගැනීම සඳහා ඉතා ඵලදායී විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ජාතිය ගොඩනැගීමේ ප්‍රයත්නයන් වෙනුවෙන් ආරම්භ කළ කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය මඟින් එම කටයුතු විශාල ලෙස වැඩිදියුණු කරනු ඇත.

    ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාම වැටුප් ගැටළු සඳහාද විසඳුම් ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුපෙන් (W&OP) 50% ක යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ ලැබිය නොහැකි වූ නැවත විවාහ වූ රණවිරුවන්ගේ වැන්දඹුවන්ට නියමිත කාල සීමාව තුළ W&OP යෝජනා ක්‍රමයේ 50% සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇත.

    COVID-19 වසංගත සමයේදී ත්‍රිවිධ හමුදාව විසින් ලබා දී ඇති දැවැන්ත දායකත්වය පිළිබඳව සඳහන් කරමින් ත්‍රිවිධ හමුදාව විසින් මේ දක්වා පුද්ගලයින් මිලියන 5කට ආසන්න සංඛ්‍යාවකට COVID එන්නත ලබා දී ඇතැයි අමාත්‍යවරයා පැවසීය. සෞඛ්‍ය වෘත්තිකයන් සමඟ හවුල් වෙමින්, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව COVID රෝගී සම්බන්ධතා සොයාගැනීමේ (Contact tracing) සිට පොදු ස්ථානවල සනීපාරක්ෂාව, නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම, ජනතාවට එන්නත් කිරීම, සංචරණ සීමා පැනවීම බලාත්මක කිරීම, සහන බෙදා හැරීම දක්වා බොහෝ කාර්යභාරයන් ඉටු කරන ලදී.

    2022 වර්ෂය තුළ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යල මගින් ඉටුකරනු ලබන ජනතා කේන්ද්‍රීය සේවාවන් ශක්තිමත් කිරීම සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට බලාපෙරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හා ග්‍රාම නිලධාරි වසම් සීමා ප්‍රතිශෝධනය කිරීම සඳහා සීමා නිර්ණය කමිටුවක් පත් කොට ඇති අතර, ඉදිරි මාස 06 ක කාලය තුළ එම කටයුතු අවසන් කිරීමට පියවර ගෙන තිබේ. ග්‍රාම නිලධාරී න් තොරතුරු තාක්ෂණ දැනුමින් සවිබල ගැන්වීමටත්, මෙම සේවා වඩාත් කාර්යක්ෂමව ඩිජිටල් ක්‍රමවේද භාවිතයෙන් මහජනතාවට ලබා දීමටත් සැලසුම් කරන ලද “ඉ-ග්‍රාම නිලධාරි“ ව්‍යාපෘතිය දිවයිනේ 14,022 ක් වු සියලුම ග්‍රාම නිලධාරි කොට්ඨාශ ආවරණය වන සේ පුළුල් කිරීමට ඉදිරියේදි කටයුතු කරනු ඇත.

    ග්‍රාම නිලධාරින්ගේ කාර්යාල පහසුකම් නැංවීම උදෙසා 2022 වර්ෂය තුළදී නිල සෙවන කාර්යාල 1150 ක් ඉදිකිරීමට අපේක්ෂා කරනු ලබන අතර ඉතිරි නිල සෙවන කාර්යාල ඉදිකිරීම් කටයුතු 2024 වර්ෂය වන විට නිම කිරීමට අපේක්ෂිතයි.

    දැනට වැඩ අවසන් නොවූ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ඉදිකිරීම් කටයුතු 2022 වසරේ දී නිමකර ජනතා අයිතියට පත් කිරීමට අපේක්ෂා කෙරේ.

    රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ආයතන 17ක් ක්‍රියාත්මක වන අතර රජය විසින් ඉහත ආපදා සහන සැලසීම සඳහා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මඟින් රුපියල් මිලියන 609.27 ක ප්‍රතිපාදන ලබා දී ඇත. 2021 ජනවාරි සිට නොවැම්බර් 15 වන දින දක්වා දිවයිනට බලපාන ලද ආපදා හේතුවෙන් පවුල් 233,198 ක් පුද්ගලයින් 875,244 ක් පීඩාවට පත්ව ඇත. එම කාලය තුළ ආපදාවන් වලට ලක්වූ පුද්ගල මරණ 118 ක් සිදුවී ඇති අතර, පූර්ණ නිවාස හානි 334 ක් හා අර්ධ නිවාස හානි 24,412 ක් සිදු වී ඇත.

    ස්වභාවික ආපදා අවදානම් කල්තබා හඳුනා ගැනීම, ආපදා වළක්වා ගැනීම, හානි අවම කිරීම හා හානි වූවන් නඟා සිටුවීම කාර්යක්ෂම කිරීම සදහා ආපදා අවදානම් කළමනාකරණ මධ්‍යස්ථානය හා සහන සේවා මධ්‍යස්ථානය සම්බන්ධීකරණය කරමින් ආයතනික ව්‍යුහය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

    තවද ඉදිරියේදී වඩාත් ආරක්ෂාකාරී ඉලෙක්ට්‍රොනික චිපයක් සහිත ඉ- විදේශ ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවද කිය. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව මගේ නම මගේ අංකය මගේ දැය (My Name My Number My Nation) යන තේමාව යටතේ ආරක්ෂිත විධිවිධාන සහිත විශේෂිත මුද්‍රිත කඩදාසියක වසර 15කින් ලැබෙන ජාතික හැඳුනුම්පත් අංකය උප්පැන්න සහතික අංකය ලෙස ඇතුළත්ව ඇති සහතිකයක් ඉදිරියේදී හඳුන්වා දීමට කටයුතු කරනු ඇත.

    මෙමගින් පුද්ගලයෙකු සම්බන්ධ තොරතුරු මෙන්ම ඔහුට අයත් ඔහුගේ පවුලේ විස්තර සහිත පවුල් ගස (Family Tree) පවා නිර්මාණය වන වැඩසටහනකි. මෙම වැඩසටහන මේ වසර අවසාන වීමට පෙර ජනගත වනු ඇත. 2022 වර්ෂයේ දිවයිනේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් උපතේදීම දරුවන්ගේ තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කර ජාතික උප්පැන්න සහතිකය ලබා දීමට සැලසුම් කර ඇත.

    සෞභාගයේ දැක්ම යථාර්තයක් කරමින් සරලව සුහුරුව කාර්යක්ෂම ජනතා සේවය බලගැන්වීම අරමුණු කරගෙන 2021 වසරේ සිට ආරම්භ කල ඉ - උපත් ,විවාහ හා මරණ සහතික පිටපත් මාර්ගගත (online) ක්‍රමයට ලබාදීමේ වැඩසටහන යටතේ මහජනතාවට අවශ්‍ය සහතික පිටපත් තම නිවසටම ගෙන්වා ගැනීම සඳහා පිළියෙල කරන ලදී. දැනට එමඟින් සහතික පත් 6,705 ලබා දී ඇත

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya