අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද්ධයේදී මෙන්ම කොවිඩ් වසංගතයේදිත් කැප වීමෙන් කටයුතු කළ ත්‍රිවිධ හමුදාවට ජාතියේ ප්‍රණාමය- අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන

    දෙසැම්බර් 04, 2021

    යුද්ධයේදී මෙන්ම කොවිඩ් වසංගතයේදිත් කැප වීමෙන් කටයුතු කළ ත්‍රිවිධ හමුදාවට ජාතියේ ප්‍රණාමය පුදකරන බව වරාය හා ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ පැවති විවාදයට එක්වෙමිනි.

    ජනාධිපතිවරු හතර දෙනෙකුට අවසන් කිරීමට නොහැකි වූ යුද්ධය පස්වන විධායක ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසන් කළ බවත් එය ඉතා ගෞරවයෙන් සිහිපත් කරන බවත් අමාත්‍යවරයා කීය. වර්තමාන ජනාධිපති එදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම් , ත්‍රිවිධ හමුදාපතිවරු , පොලිස්පති ඇතුළු සියළු දෙනාටම මේ සම්බන්ධයෙන් ප්‍රණාමය පුදකරන බවද කීය.

    යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන් සිහිකරමින් ඉදිකළ සඳහිරු සෑය සෑදීම වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය පුදකරන බවද අමාත්‍යවරයා පැවසීය. සියළු රණ විරුවන්ගේ දහඩිය මහන්සිය ගැන පුරවැසියෙක් වශයෙන් තමා අභිමානයට පත්ව ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

    රාජ්‍ය ආරක්ෂාව තුට්ටුවට දමමින් බුද්ධි අංශ සිර ගෙවල් වලට දැමිමේ ප්‍රතිලයක් වශයෙන් 2019 පාස්කු ප්‍රහාරය නිසා මේ රටේ මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වූ බවද අමාත්‍යවරයා කීය. පාස්කු ප්‍රහාරය සිදු වන විට ඒම සියළු තොරතුරු ලැබී තිබූ බවද කීය.

    පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරයා අමාතයවරයා පැවසුවේ මැතිවරණ සගවණ දේශපාලනයක් නොමැති බවත් පළාත් සභා මැතිවරණය නොපැවිත්වීමට කටයුතු කළේ, විපක්ෂය බවයි. එහෙත් මෙම රජය පළාත් පාලන ඡන්දය පවත්වන බවත් ‌ එයින් ‌ෙඒතිහාසික ජයග්‍රහණයක් ලබා ගන්නා බවද අමාත්‍යවරයා කීය.

    කොවිඩ් වසංගතය සමයේ යුධ හමුදාව දැක්වූ දායකත්වයට අමාත්‍යවරයා සිය ස්තුතිය පුද කර සිටියේය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya