අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ප්‍රජා පොලිස් සංකල්පය මගින් සමාජයේ අපරාධ අවම කර ප්‍රජාවගේ බිය සැක දුරුකර කිරීමට පියවර

    දෙසැම්බර් 04, 2021

    රටේ සෑම ග්‍රාමනිලධාරී වසමකටම පොලිස් නිලධාරින් දෙදෙනෙකු බඳවාගනිමින් ප්‍රජා රාජකාරී ඉටු කිරීම සදහා එම නිලධාරින්ට බලය පවරන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා (03) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ තෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    කොවිඩ් වසංගතය හේතුවෙන් තුවක්කුවෙන් නොවුනත් සිලින්ජරයෙන් කරන යුද්ධයක් ආරම්භ කිරීමට රජයට සිදු වූ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    පොලීසිය කියන්නේ දිගින් දිගටම චෝදනා අහන්න වන තැනක්, හොඳක් අහන්න වෙන්නෙම නැහැ. ජනතාවට නීතිය ක්‍රියාත්මක කරන්න ගියාම බැනුම් අහන්නයි වෙන්නේ.

    එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව ප්‍රජා පොලිස් සංකල්පය මගින් සමාජයේ අපරාධ අවම කර ප්‍රජාවගේ බිය සැක දුරුකර ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    යුද්ධය පැවති සමයේ පැවති සිවිල් ආරක්ෂක කමිටු ,මහජන ආරක්ෂ කමිටු ලෙස නම්කර , ප්‍රජා මට්ටමින් සිදුවන අපරාධ අවම කිරිමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය. ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයෙක්ගේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු වෙමින් පවතියි. ඒ අනුව පළාත්මට්ටමින් සම්මුඛ පරීක්ෂණ වලට භාජනය කරමින් , පොලිස් සේවයට බඳවා ගැනීමට බලාපොරොත්තු වන බවද කීය. පුහුණු කිරීම්ද ප්‍රාදේශිය වශයෙන් සිදු කරන බවද කීය.

    සොල්දාදුවන් හිරේ දමමින් , නම් පිටින් බුද්ධි අංශ නම් අනාවරණය කරමින් විපක්ෂය කටයුතු කළ බවද අමාත්‍යවරයා පැවසිය.

    මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැඩි වී ඇති බව පැවසූ අමාත්‍යවරයා, ප්‍රජා විශෝධන නිලධාරියෙක් පත් කර මෙම පුද්ගලයන් නිරීක්ෂණය කරන බවද කීය. මේ සදහා නියමු ව්‍යාප්තිය පසුගියදා මහනුවරදී ආරම්භ කළ බවත් එහිදී පුද්ගලයන් 337 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද කිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya