මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුවද විපක්ෂයද යන භේදයකින් තොරව බලශක්ති ගැටළුවට මුහුණ දිය යුතුයි - රාජ්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්

    නොවැම්බර් 29, 2021

    ජාතික ආරක්ෂාව සහ බලශක්ති සුරක්ෂිතතාවය රටේ වැදගත් අංශ දෙකක් බවත් ඒ් සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද (29) පාර්ලමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    අද දින බලශක්ති අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    තෙල් සංස්ථාව පසුබෑමට හේතු ගණනාවක් තිබූ බවත් වසර 1978 තෙල් සංස්ථාවට අනුබද්ධ ආයතන පුද්ගලීකරණය කිරීම, 2003 දී තෙල් සංස්ථාව තුනට කැඩීම ලිහිසි තෙල් ව්‍යාපාරය සහ විවිධ කළමණාකරණ දුර්වලතා, සේවක අතිරික්තිය,තෙල් නල අලුත්වැඩියා නොවීම,නාස්තිය,ආදී නොයෙක් හේතු මේ සඳහා බලපෑ බව කීය.

    "මේ සඳහා වර්තමාන අමාත්‍යවරයාට චෝදනා කිරිමෙන් පළක් නැහැ. කාගෙ කාගේත් කාලවල සිදු වූ දේවල ප්‍රතිඵලය තමයි අපි බුක්තිවිඳින්නේ. ආණ්ඩුවද විපක්ෂයද යන භේදයකින් තොරව බලශක්ති ගැටළුවට මුහුණ දිය යුතුයි" යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya