අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුමන රටකින් වෛරස් ප්‍රභේද ව්‍යාප්ත වුවත් නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය අත්‍යවශ්‍යයි - වෛරස් රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ

    නොවැම්බර් 29, 2021

    කුමන රටකින් වෛරස් ප්‍රභේද ව්‍යාප්ත වුවත් නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව වෛරස් රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා කියා සිටියේය.

    දීර් කාලයක් ව්‍යාප්ත වූ කොවිඩ් වෛරසයෙන් ඇතිවන නව ප්‍රභේදය වන ඔමික්‍රෝන් කනස්සල්ලේ වෛරසය පිළිබද බොහෝ දෙනාගේ අවධානය මේ දිනවල යොමුවී ඇති අතර ඒ පිළිබදව (28) මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

    වෛරසය පැතිරීම වැළැක්වීම වැදගත් බව අවධාරණය කළ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා, නව ප්‍රභේද පැමිණියද වෛරස පැතිරීමේ ක්‍රමය එනම්, ශ්වසන බිංදු මගින්, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව ආදිය මගින් සිදුවන පැතිරීමේ ක්‍රමය වෙනස් නොවන බවද, මුඛ ආවරණ නිවැරදි පරිදි භාවිතය අනිවාර්යය බවද පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya