අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'ලක් ශිල්ප' විද්‍යුත් අලෙවිකරණ වෙබ් අඩවිය එළිදැක්වෙයි

    නොවැම්බර් 24, 2021

    ඉහළ ප්‍රමිතියෙන් යුත් දේශීය හස්ත කර්මාන්ත නිර්මාණ, 'ලක් ශිල්ප' සන්නාමය යටතේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීම සහ අලෙවිකරණය මූලික අරමුණ කරගත් 'ලක් ශිල්ප' විද්‍යුත් අලෙවිකරණ වෙබ් අඩවිය (www.lakshilpa.com) එළිදැක්වීම (22) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී සිදු කෙරිණි.

    මෙම වෙබ් අඩවිය කර්මාන්ත අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන්, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහයෝගය ඇතිව ජාතික ශිල්ප සභාව විසින් ස්ථාපිත කර ඇත.

    දේශීය වශයෙන් පාරිභෝගිකයන්ට ලක් ශිල්ප සන්නාමය යටතේ ඉහළ තත්වයෙන් යුත් හස්ත කර්මාන්ත නිර්මාණ සාධාරණ මිලකට ලබා ගැනීමට අවස්ථාව සැලසීම, ජාත්‍යන්තර වශයෙන් ස්ථාපිත හා ප්‍රචලිත අලෙවිකරණ වෙබ් අඩවි සඳහා 'ලක් ශිල්ප' සන්නාමය යටතේ මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ හඳුන්වාදීම, මෙරටට විදේශ විනිමය උපයා දීම, හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ආදායම් මට්ටම් ඉහළ දැමීම හා හස්ත කර්මාන්තවල තිරසාර පැවැත්ම සහතික කිරීම යන ඒවා ද මෙම වෙබ් අඩවිය එළිදැක්වීමේ සෙසු අරමුණු අතර වේ.

    වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ඇරයුමෙන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට එක්විය. ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරු ද මෙම උත්සවයට විශේෂ ආරාධිතයෝ ලෙස සහභාගී වී සිටියහ. උත්සව සභාව පිළිගැනීම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්. ඒ. බී. වී. බණ්ඩාරනායක මහතා විසින් සිදු කළ අතර විමල් වීරවංශ, නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරු ද රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ද සභාව ඇමතූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya