අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ තරුණියන්ගේ ඡන්ද බලය ස්ථාවර කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ එක් ඉලක්කයක්

    ඔක්තෝබර් 28, 2021

    ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත මගින් වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තැනැත්තන්ට කඩිනමින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිව තිබේ.

    තරුණ තරුණියන්ගේ ඡන්ද බලය ස්ථාවර කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ එක් ඉලක්කයක් වූ බවත් ඒ අනුව තරුණ තරුණියන්ට එම අයිතිය ලැබී ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි.

    තරුණ තරුණියන්ට ඡන්දය ලබා දීම සඳහා වැඩි ඉඩක් ලබා දීමටත් ඔවුන් රටේ පාලන තන්ත්‍රයට හවුල් කර ගැනීමට මේ ඔස්සේ හැකියාව ලැබෙන බව ඒ මහතා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා (26) රාජගිරිය පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමෙ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

    මීට ප්‍රථම 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත අනුව ඡන්ද හිමියන් ලියාපදිංචි කරනු ලබන්නේ එක් එක් වර්ෂයේ ජුනි මස පළමු දිනට වයස 18 සම්පූර්ණ කළ තැනැත්තන්ට බැවින් එම දිනට පසු උපන්දිනය ඇති තරුණ පිරිස් සඳහා ඡන්ද අයිතිය හිමිවන්නේ ඉදිරි වර්ෂයේ මැයි 31 දිනට පසු යෙදෙන මැතිවරණයේදීය.

    විවිධ තරුණ සංවිධාන මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කළ බව සඳහන් කළ සභාපතිවරයා මැතිවරණ කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ බවත් 2021 පෙබරවාරි මාසයේ මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත් පෙන්වා දුන්නේය.

    ඒ අනුව එම තත්ත්වය මගහරවා ගෙන තරුණ තරුණියන් වැඩි පිරිසකට ඡන්ද අවස්ථාව ලබා දීම පිණිස මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර 2021 අංක 22 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත පසුගිය ඔක්තොම්බර් මස (13) සිට බලාත්මක වූ බව සඳහන් කළේය.

    ඒ් සම්බන්ධයෙන් මෙරට තරුණ තරුණියන් දැනුම්වත් කරන බව පැවසූ සභාපතිවරයා වයස අවුරුදු 18 සම්පූර්ණ වූ ගමන්ම යම් තරුණ තරුණියකට තම ගමේ ග්‍රාමනිලධාරි මගින් ඡන්දය සඳහා ඉල්ලුම් කළ හැකි බව පෙන්වා දුන්නේය. ඡන්ද හිමි නාම ලේඛනයට අමතරව මාස තුනෙන් තුනට පරිපූරක නාම ලේඛනයක් සකස් කරන බවත් ප්‍රථමයෙන්ම තරුණ තරුණියන්ට තම එම නාම ලේඛනයට ඇතුළත් කළ හැකිය.

    තවද 2022 වසරේ සිට ඡන්ද හිමියන් ගණන් ගැනීමේ දිනය පෙබරවාරි 01 දා ලෙස වෙනස් වන බවද ඒ් මහතා සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya