අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞභාග්‍යා ගෙවතු වගාවෙන් පවුල් ලක්ෂ දොළහකට ප්‍රතිලාභ

    ඔක්තෝබර් 28, 2021

    වස විසෙන් තොර ආහාර සුරක්ෂිතතාව අරමුණු කර ගෙන දීප ව්‍යාප්ත ගෙවතු වගා සතියක් ප්‍රකාශයට පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    මේ යටතේ තෝරා ගත් ⁣පවුල් ලක්ෂ දොළහකට ගෙවත්තේ වගා කළ හැකි එළවළු වර්ග හතක බීජ කට්ටල බෙදා දීමේ ජාතික උත්සවය නොවැම්බර් 01 වනදා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ හා රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පේරාදෙණිය ගන්නොරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

    මීට සමගාමීව දිවයින පුරා ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන 562 කදී ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ගෙවතු වගා බීජ කට්ටල බෙදාදීමේ වැඩසටහන් සංවිධානය කර තිබේ.


    නොවැම්බර් 01 වනදා සිට 07 වනදා දක්වා ක්‍රියාත්මක මෙම වැඩසටහන සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහන ලෙස නම් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya