නොවැම්බර් 29, 2021
tami eng youtube  twitter facebook

    කල්පිටිය ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට විශේෂ අවධානය

    ඔක්තෝබර් 24, 2021

    කල්පිටිය අර්ධද්වීපයේ ජනතාවගේ පානීය ජල ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස පානීය ජලසම්පාදන රාජ්‍ය ඇමතිගෙන් නිළධාරීන්ට උපදෙස් ලබා දුන් බවත්, ඒ සඳහා සැලසුම් සකස් කොට ඇති අතර ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බවත් ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ප්‍රකාශ කර සිටී.

    කල්පිටිය අර්ධද්වීපයේ මොහොත්තුවාරම, කිනමුන්දලම, උච්චමුනේ යන දූපත් වල ජනතාව පානීය ජල ගැටලුවට මුහුණ දී සිටින හෙයින් ඒ පිළිබඳව සහ ධීවර ගැටළු පිළිබඳව සොයා බැලීමට ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත්
    නිශාන්ත මහතා විසින් පසුගිය දා (22) එම දූපත් වල නිරීක්ෂණයක නිරත වූ අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

    පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය දූපත් ආශ්‍රිතව ජිවත්වන ජනතාවට පානීය ජලය සහ අනිකුත් කටයුතු සඳහා ජලය ලබා ගැනීමේ විශාල ගැටළුවක් පවතින බවත්, ඔවුන්ට අවශ්‍ය ජලය ලබා දීමේ කටයුත්ත අධිතාක්ෂණය භාවිතා කර සම්පුර්ණයෙන්ම ලවණ ජලය පිරිපහදු කර පිරිසිදු ජලය බවට පවත් කිරීමට ලබන වසර තුළ ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත්, ඒ සඳහා මූලික සාකච්ඡා සිදු කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

    මෙම ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල ගැටලුව මෙන්ම විදුලිය, මාර්ග, නිවාස හා ඉඩම් සම්බන්ධව ද බොහෝ ගැටළු පවතින හෙයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කොට කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ද, ජනතාවගේ ගැටළු කඩිනමින් විසඳුම් ලබා දීමට අදාළ බළධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද හෙතෙම ප්‍රකාශ කර සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya