මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල කාර්ය මණ්ඩලය නිල සංචාරයක

    ඔක්තෝබර් 23, 2021

    ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ලන්ඩනයේ පිහිටි ස්වාභාවික ඉතිහාසය (Natural history) පිළිබඳ කෞතුකාගාරයේ නිල සංචාරයක නිරත වෙය

    මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය ඇතුළු ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලයට ලන්ඩනයේ නැචුරල් හිස්ට්‍රි කෞතුකාගාරයේ නිල සංචාරයක නිරත වීම සඳහා ඇරයුම් ලැබිණි.

    ලන්ඩනයේ නැචුරල් හිස්ට්‍රි කෞතුකාගාරය වාර්ෂිකව මිලියන 5 කට අධික නරඹන්නන් පිරිසක් ආකර්ෂණය කර ගන්නා ලෝක මට්ටමේ සංචාරක ආකර්ෂණ ස්ථානයක් වන අතර ගෝලීය ජෛව විද්‍යාත්මක හා භූවිද්‍යාත්මක ජෛව විවිධත්වය නියෝජනය කරන මිලියන 80ක තක්සේරු ගත නියැදි ප්‍රමාණයක් ඇතුළත් ප්‍රමුඛ පෙළ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයකි. මෙම කෞතුකාගාරය 1881 අප්‍රේල් 18 වැනි දින ප්‍රථම වරට විවෘත කෙරිණි. වර්ෂ 1963 තෙක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ කොටසක් ලෙස පැවති මෙම කෞතුකාගාරය 1992 වර්ෂයේ දී නිල වශයෙන් ‘The Natural History Museum’ ලෙස නම් කරන ලදි.

    විද්‍යා ප්‍රතිපත්ති හා සන්නිවේදන අංශ ප්‍රධානී ජෝන් ජැක්සන් මහතා; ඇල්ගී, දිලීර හා පැලෑටි අංශය භාර සංරක්ෂක ප්‍රධානී ආචාර්ය මාර්ක් කැරීන් මහතා; ලයිකන හා සෙවෙල දිලීර පිළිබඳ ජ්‍යෙෂ්ඨ සංරක්ෂක ආචාර්ය ගෝතමී වීරකෝන් මහත්මිය; පෘෂ්ඨවංශික සත්ත්ව අංශයේ අංශ ප්‍රධානී, කුසලතා පර්යේෂක ආචාර්ය ඩේවිඩ් ගෝවර් මහතා; කෞතුක වස්තු භාර දීම හා ප්‍රදර්ශන සම්බන්ධීකාරක සහායක ජැස්මින් පෙරේරා මහත්මිය විසින් මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිස පිළිගන්නා ලදි.

     

    ශ්‍රී ලංකාව තුළ පවතින සුවිශේෂී සත්ත්ව ජෛව විවිධත්වය මෙන්ම නැචුරල් හිස්ට්‍රි කෞතුකාගාරය සහ ශ්‍රී ලාංකික ආයතන අතර පවතින ඒකාබද්ධ ව්‍යාපෘති පිළිබඳ ඉදිරිපත් කිරීමේ සැසියක් කෞතුකාගාරයේ නිලධාරීන් විසින් මෙහෙයවනු ලැබූ අතර ඉන් අනතුරුව කෞතුකාගාරය වටා සංචාරයක නිරත වන ලදි. නියෝජිත පිරිස චාල්ස් ඩාවින් විසින් එකතු කරන ලද නියැදි ඇතුළත් ලොව පැරණිතම ගුප්තයෝගි ශාකෝද්‍යාන අතරින් එකක් වන නැචුරල් හිස්ට්‍රි කෞතුකාගාරයේ ඇති ගුප්තයෝගි ශාකෝද්‍යානය වෙත පැමිණියහ. ශ්‍රී ලංකාවෙන් එකතු කරන ලද වසර 300 කටත් වඩා ඉපැරණි ශාක නියැදි ද මෙම කෞතුකාගාරයේ ඇත. මෙම සංචාරය සංවිධානය කිරීමට සහය දැක්වූ ආචාර්ය ගෝතමී වීරකෝන් මහත්මියට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සිය කෘතඥතාව පළ කරන අතරම ප්‍රමුඛ පෙළේ උද්භිද විද්‍යාඥවරියක, ලයිකන විද්‍යාඥවරියක සහ පරිසරවේදිනියක ලෙස ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා එතුමිය ලබා දෙන දායකත්වය ඇගයීමට ලක් කරයි. ජාතික භූගෝලීය සංගමයේ අද්විතීය ‘වාර්ෂික ප්‍රදානය’ සම්මානයෙන් පිදුම් ලැබූ දකුණු ආසියාවේ ප්‍රථම විද්‍යාඥවරිය වන්නේ ද එතුමිය යි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya