අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදු ගෙවන ජනතාවට යළි පිළිතුර දීමට පාර්ලිමේන්තුව බැඳී සිටිනවා- සභානායක

    ඔක්තෝබර් 22, 2021

    බදු ගෙවන ජනතාවට යළි පිළිතුර දීමට පාර්ලිමේන්තුව බැඳී සිටින නිසා බද්දක් පනවන්නේ නම් එය මුහුණ දෙන ජනතාවට පිළිතුරු දීමට පාර්ලිමේන්තුව බැඳී සිටින බව සභානයක,අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකශ කළේ ය.

    සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කොප් කමිටු වාර්තා පිළිබඳ 2021.10.22 පාර්ලිමේන්තුවේදී කළ කතාව-

    ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි,

    අද දිනයේ පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව විශේෂයෙන් පාර්ලිමේන්තුවේ වාද විවාද කිරීමට අවස්ථාව සැලසීමට පුළුවන් වීම අපි කාටත් අගය කරන්නට පුළුවන්. සභානායකවරයා හැටියට මං නැගී සිටියේ ඒ පිළිබද විශේෂයෙන් ඒ සභාපති ආචාර්ය චරිත හේරත් මන්ත්‍රීතුමා ඇතුළු සියළු මන්ත්‍රීතුමන්ටත් ඒවාගේම එයට සහය වුණු විගණකාධිපතිවරයාට ස්තූතිවන්ත වෙමි.


    කෝප් කමිටු වාර්තාවේ අද දිනයේ විවාදයට ගැනෙන අවස්ථාවේ විශේෂ වාර්තා කිහිපයක අවධානය යොමු වෙනවා. සඳහන් කළ විධියටAuditor general on request of the sectoral Oversight committee of parliament on energy regarding the procurement by the Lanka Coal Company Ltd for Lak Vijaya Power Station of Norochcholai. special audit to report on central express way special audit report on the operational activities of the Lak Vijaya power station environmentally impact. The environmental audit report on water pollution in the Kelani river. The special audit report on the procurement of printing and handing over the lottery tickets for the computer- based lottery draw at the National Lotteries board. Special audit report on the role perform of the information technology agency of Sri Lanka pertaining to digitalization in the public service.


    මේ කාරණා සියල්ලම අති වැදගත්. පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පූර්ණ බලයක් මුදල් පිළිබඳ තිබෙනවා. පාර්ලිමේන්තු විකාශනයේ පුරාම මුදල් බලය මතයි පාර්ලිමේන්තු විකාශනයේ නීතිමය ව්‍යවස්ථාවන් ඇති කිරීමේ බලයක් ලැබිලා තියෙන්නේ. බදු ගෙවන ජනතාවට යළි පිලිතුර දීමට පාර්ලිමේන්තුව බැඳී සිටින නිසා බද්දක් පනවන්නේ නම් එය මුහුණ දෙන ජනතාවට පිලිතුරු දීමට පාර්ලිමේන්තුව බැඳී සිටිනවා. ඒ කෙසේ ලබා ගන්නවාද, එය කෙසේ පරිහරණය කරනවාද, එය කෙසේ ආයෝජනය කරනවාද කියන වැනි ඉදිරිය සඳහා ගන්නා වූ තීරණයන් අපි ඉතාම වැදගත් ලෙස ගැඹුරින් කල්පනා කරන්නට ඕනෑ.

     

    ඒ පිළිබඳ කෝප් කොමිටියේ සභාපතිතුමා හා එහි සාමාජිකයන් අරන් තිබෙන විශේෂ කැඳවීම් හා වාර්තාවන් සුවිශේෂව ඒ පිළිබඳ දක්වා තිබෙන අදහස් අපි අගය කරනවා. රජය හැටියට අපට ලබා දී ඇති සෑම සහයෝගයක්ම මේ අවධානයට ගෙන ඇති බරපතල මූල්‍ය උල්ලංඝනයන් ඒ වගේම බරපතල නීතිමය උල්ලංඝනයන් සහ පරිපාලනමය උල්ලංඝන කිරීම් අවධානයට ගත යුතුමයි. වඩා යහපත් අනාගතයකට අපේ මූල්‍ය පාලනය ගෙන යන්න නම්. ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට තිබෙන වගකීම් කොටස මෙයටත් වඩා වැඩි කිරීමට පුළුවන්ද කියන ප්‍රශ්නය තමයි අද නියෝජ්‍ය කාරක සභාපතිතුමනි අපේ අවධානය යොමු විය යුත්තේ. නැත්නම් වාර්තාවක් සාකච්ඡා කොට වාර්තාවට සම්බන්ධවෙන හිටපු භාරකාරයන් හා වර්තමාන භාරකාරයන්ගේ ඒ එක එක අනිසි සැලකිල්ලට හෝ විවේචනයට ලක් කිරීමට පමණක් නොව කුමක්ද ඊට පසු ගත හැකි පියවරවල් පාර්ලිමේන්තුව අන්න ඒ පිළිබඳ අවධානය යොමු කොට ක්‍රියා කිරීමට පුළුවන් ක්‍රියාවලිය ගැන මම හිතන්නෙ තවමත් අපේ නීතිමය ව්‍යවස්ථා ශක්තිය අඩුයි.

    ඒ නිසා එය සාකච්ඡා කොට ජාතික වශයෙන් අවශ්‍ය වේලාවකදී අපි ඉදිරිය සඳහා මේ සොයා ගැනීම් වලින් ඊළඟට ගත යුතු පියවරවල් බලාපොරොත්තුවෙන් ඉන්නේ නැතුව නමුත් පැහැදිලි මඟපෙන්වීම් ඇති නීති බවට පාර්ලිමේන්තුව පත් කිරීම සඳහා මැදිහත් වීම මම හිතන්නේ සභාපතිතුමා හා කමිටුවත් පාර්ලිමේන්තුවත් අවධානය යොමු කළ යුතුයි.


    ඊළඟ කාරණය මම විශේෂයෙන් ගේන්නට කැමතියි, විගණකාධිපතිවරයා ඔඩිටර් ජනරාල්වරයාගේ වාර්තාවල් මෙහි සැලකිල්ලට ගන්නවා. සහ විවිධ ආයෝජනයන් ගැන සැලකිල්ලට ගන්නවා. විවිධ විගණනයන් පැවැත්වීමට හැකියාව තිබෙනවා. මූල්‍ය විගණනය, කාර්යය සාධන විගණනය, වෝහාරික විගණනය, පරිසර විගණනය, නීතියට අනුකූලව ගණුදෙනු සහ අපි ලබන ඉලක්කයන් සපුරාලීමට තිබෙනවා. අපේ මහා යෝජනා ක්‍රම ගණනාවක ඉල්ක්කයන්ට කිට්ටු වෙන්න වත් බැරි වී තිබෙනවා අද අපට. මේ ආයෝජනයේ මූල්‍ය ආයෝජනය ප්‍රාග්ධනය සහ වියදම් කරපු ක්‍රියාදාමයත් ඒ වගේම අද ඇති කර ගත හැකි ප්‍රතිඵලයට ලැබෙන්නේ නැත්නම් එය විශාල අර්බුදයක් අපේ රටේ. මෙය සමස්තයක් වශයෙන් සෑම විගණන වාර්තාවකම තිබෙනවා. එය පිළිබඳ කොප් කමිටුව දැඩි අවධානය යොමු කරන්නට කියලා මම අවධාරණය කරනවා. අපේ චරිත හේරත් ආචාර්යතුමාට මම සිහිපත් කරන්නට කැමතියි මේ සභාවේ ලංකාවේ හිටපු විශිෂ්ඨතම ඉංජිනේරුවෙන් මගේ මිත්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා දන්නවා අපේ රටේ එන්. එස්. කුලසිංහ විශිෂ්ඨතම ඉංජිනේරුවරයෙක්. මොකක්ද ඔහු කිව්වේ සමනල වැව ස්ථාපිත කරන වෙලාවේ. මේ ස්ථානයේ ස්ථාපිත කලොත් සමනල වැවේ බලාපොරොත්තු වෙන ධාරිතාවය ලැබෙන්නේ නැහැ.

    සමනල වැවට කරන ආයෝජනය මේ තකසේරු කරන ලද මුදලට වඩා විශාල වශයෙන් වියදම් වෙනවා. පොළොව යට කාන්දු වෙන ජලය කාන්දු වෙන ස්ථානයක තමයි මේක ස්ථාපිත කරන්නේ වැරදි ලෙස. එතුමාගේ මතය පසුකාලෙක සනාථ වුණා. විවිධ අවස්ථාවන් වල එය යළි යළි පණ ගන්නවන්නට දැවැන්ත මුදලක් වියදම් කරන්න සිදු වුණා. කිසිවකු වරදකරුවෙකු වුණේ නැහැ. මෙන්න සිදු වෙලා තිබෙන දේ, කොප් වාර්තාවකට. අවුරුදු ගණනාවකට පෙරත් විදුලි බලය අඩුවෙන් නිෂ්පාදනය කරන්න සිද්ද වුණා. ජලය අඩුවෙන් යවන්නට සිද්ද වුණා. වාර්මාර්ගයට ඉහළ මට්ටමට ගේන්නැතුව ජලය පහළ මට්ටමකින් බෙදා හරින්න සිද්ධ වුණා. අපේ රටේ විශිෂ්ඨතම ඉංජිනේරු එන්.එස්. කුලසිංහ මහතාගේ උපදෙස් ඒ වෙලාවේ පිළිනොගැනීම නිසා.

    මම එක උදාහරණයක් විතරයි කියන්නේ. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මම සම්පූර්ණයෙන් අගය කරනවා එ්ක, මේ කාරණාවල් හැම එකක් ගැනම කතා කරන්න නොලැබුණත් එක කාරණාවක් මේ අපේ රාජ්‍ය ආයතන මුලින් දෙපාර්තමේන්තු හැටියට ආරම්භ වුණේ බොහෝ විට බ්‍රිතාන්‍ය කාලේ ඒවා හමුදා දෙපාර්තමේන්තුව හැටියට තිබුණා. ඊට පස්සේ රජයේ වැඩ කොටසක් කර්මාන්තශාලා යටතේ තිබුණා. උදාහරණයක් ලෙස, All of us know about DI – Department of Industries really. They initially made shoes for the Army. Finally DI became a department, department of industry. Later on DI became a cooperation which came under the COPE .There after DI was privatize and DI slowly went out of the state exchequer and control.


    ඒ නිසා අපි සෑම දේම සංස්ථාවක් හැටියට ගෙන යනවාද එසේ නැත්තම්, සමාගම් පනත යටතේ රාජ්‍ය ආයතන ගෙන යනවද, එහෙම නැත්නම් හවුල් සමාගම් හැටියට ගෙන යනවාද කියන කාරණාව පිළිබඳ වර්තමාන ආර්ථික ලෝකයේ අලුත් ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය නමුත් රාජ්‍ය ආයතනයක් ඒ කුමන ලෙස හැඩරුව ඇති ආයතනයක තිබුණද එය පරීක්ෂා කිරීම හා ක්‍රියා කිරීමේ බලය විගණාධිපතිවරයාට හා ඒ පිළිබඳ වූ කොටස වෙනුවෙන් මැදිහත් වීමට පාර්ලිමේන්තුවට බලයක් තිබිය යුතුයි.


    This has been shown in Germany. Luftansa was a state investment but a company came under as a company for development. But German parliament went into the matter. Whenever it reflected on the amount of the investment the government had made.


    ඒ නිසා අපි අලුතෙන් කල්පනා කරන අලුත් තීරණ ගන්න ශක්තියක් තියෙන්න ඕනෑ. අභියෝග වලට ඉක්මනට තීරණ ගන්න ඕනෑ. සති ගණන් මාස ගණන් සමහර තැන් වල බලන් ඉන්න කොට ශ්‍රී ලංකාවට වෙන පාඩුව අති විශාලයි. ඒ නිසා එවැනි ආයතන දිහා අලුතෙන් බලන්න. මම තව එක කාරණාවක් දෙකක් කියලා මගේ කතාව අවසන් කරනවා. ගරු සභාපතිතුමනි, මේ අපි දන්නවා පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් තිස්සේ මේවා විවාද වෙනකොට මේ හැම ආයතනයකම චරිත හේරත් සභාපතිතුමනි, නියෝජනය කරන භාණ්ඩාගාරයේ නියෝජිතයෙක්. භාණ්ඩාගාරයේ නියෝජිතයෙක් සෑම සංස්ථාපිත ආයතනයකම අධ්‍යක්ෂ මණ්ඩලය ඉන්නවා.
    How can one make mistakes? Who’s answerable? The treasury, state exchequer how can they make mistake and later on comment, it was a mistake. It was a error it was a waste.
    මම හිතනවා මේක තමයි බරපතලම තැන. අපි තීරණ ගැනීමට පාර්ලිමේන්තුවේ අවධානය යොමු විය යුත්තේ. එවැනි තීරණ ගන්නා වූ සෑම තීරණයක්ම මේ ආයතන වල අනුමත කිරීම භාණ්ඩාගාර ලේකම්තුමා වෙනුවෙන් ඉන්න අධ්‍යක්ෂකවරු විසින් කරනවා. ඉතින් ඒක හැමදාම වාර්තාවට යනවා. මගේ මිත්‍ර හිටපු මුදල් රාජ්‍ය ඇමතිතුමා මෙතන ඉන්නවා. මේ ප්‍රශ්නවලට ස්ථිර වැඩපිළිවෙළක් නොමැති නම් රාජ්‍ය ධනය රාජ්‍ය වියදම සහ රාජ්‍ය බලාපොරොත්තු වන ඉලක්කයන් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මූල්‍ය අර්බුදය හිඟ අයවැය ලේඛනය ආර්ථික අර්බුදවලට සෑම අවස්ථාවකදීම මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ ගැන අවධානය යොමු කළ යුතු පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ අවධානය යොමු කළ යුතු ක්‍රියාමාර්ගයකට අවදි කිරීමක් මේ වාර්තාව ඉදිරිපත් කරලා තියනවා.


    අවසාන වශයෙන් මා දීර්ඝ කාලයක් නියෝජනය කරපු කැළණි මිටියාවතේ ජනතාව. කැළණි ගඟ, මහ පැරකුම්භාවන්ගේ කතාව හැමදාම අපේ රට කියනවා. එය අපිව පණ ගන්නවලා තියෙනවා. එය තමයි ලොකුම විගණනය, රටට කියා දුන්නේ. ඇද හැලෙන ජල බිංදුවක් ප්‍රයෝජනයට නොගෙන මහ මුහුදට යන්නට ඉඩ නොදෙමු කියන එක. දැන් අරන් බලන්න කැළණි ගඟ. එක පැත්තකින් ගම්පහ දිස්ත්‍රික්කය, මෙහා පැත්තෙන් කොළඹ දිස්ත්‍රික්කය. ඊට යාබදව කෑගල්ල දිස්ත්‍රික්කෙ. ශ්‍රී පාදය දක්වාම දිවෙනවා. කැළණි ගඟට කරන හානිය එළිදරව් කිරීම ගැන මේ කාරක සභාවට අපි ස්තූති වන්ත වෙනවා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජීවත් වන ප්‍රදේශයක්. මේ කැළණි ගඟේ පවිත්‍රභාවයට කවුරුහරි වැරැද්දක් කරනවා නම් එය වැළැක්වීමට දැන්වත් අවදිවෙන්නට මේ වාර්තාව උපයෝගී වේවා කියලා මම විශේෂයෙන් මේ පළාත නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට කියනවා. ගං වතුර එනවා, යනවා. කෝටි ගාණක් අපි වැය කරනවා. අපි ගංවතුරට යට වෙච්චි දේවල්වලට වන්දි ගෙවනවා.

    කෝටි ගාණක්. නමුත් ලංකාවේ කැළණි ගඟ සම්බන්ධිත සංවර්ධන වැඩපිළිවෙළක් අද දක්වා ක්‍රියාත්මක වෙලා නැහැ. සාකච්ඡා වුණා. හැම ආණ්ඩුවක් යටතේම සාකච්ඡා වුණා. නමුත් ඛේන්ද්‍රීය ගංඟාවක් ලෙස මේ පළාත්වලට පමණක් නොව, බස්නාහිර පළාතට පමණක් නොව, සබරගමුව හා අනෙක් ප්‍රදේශ හරහා ගමන් කරන බහුකාර්යය ගංඟාවක්, කේන්ද්‍රස්ථානය හැටියට මේ ගඟ දිහා බලන්න ඕනේ. කොළඹ නගරයට වතුර දෙන මේ ගඟ අපවිත්‍රවීමේ භයානක කම මේ කමිටුව හෙලිදරව් කරලා තියෙනවා. එයට අවදි වෙන්න කියලා ඔබතුමන්ලගේ පණිවුඩේ මත එයට අවදි වෙන්න කියලා අදාළ ආයතන රාජ සංස්ථාවල් ඉංජිනේරුවරු හා තීරණ ගන්නා උදවියට කියා පාන්න ඕනේ. එය ඇස් දෙකට බලාගන්න පුළුවන් සමහර තැන්වලට ගියාම. අපි පැමිණිල්ලක් කරාට පැමිණිල්ල සළකන්නෙ නැහැ. වැරදි උත්තරයක් දෙනවා. ගිය සතියෙත් අපේ රටේ ප්‍රධාන පාර කැළණි ගඟ අයිනෙන් යන ප්‍රධාන පාර කැළණි ගඟේ වතුර වලට කඩා යෑමේ භයානක කමට පැමිණ තිබෙනවා. අපි එය ගැන පැමිණිලි කලා. නමුත් සාධාරණ ඇත්ත උත්තරයක් දුන්නේ නැහැ. මඟහැරියා. මං මේක කියන්ඩ ඕනේ.


    මහජන නියෝජිතයො හැටියට ඊළඟට ගරු කතානායකතුමනි මේ වාර්තාවේ තිබෙනවා අවසානයේ සොහොන් කරන සොහොන් පිටි හේදි හේදී කැළණි ගඟට යන්ඩ තිබෙන තර්ජනය ගැන. මම හිතනවා මේවා එවැනි දේ එළිදරව් කරමින් හෝ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරමින් පරිසර අධිකාරිය මීට වඩා මැදිහත්වෙන ක්‍රියාදාමයක් ඇති අධිකාරියක් බවට පත්වීමට අවශ්‍ය නීති මදි නම් ඒ නීති හදල දෙන්න ඕනේ අපි. මේ සමහර ආයතනවලට වෙලා තියෙන්නේ නීති මදි. වාර්තා තියෙනවා. ක්‍රියාත්මක කරන්න නීතියක් නැහැ. පාර්ලිමේන්තුවට උත්තර දෙන්න ඕනේ. පාර්ලිමේන්තුවට උත්තර නොදී කොහොමද මේ වාර්තාවල් වසරින් වසර ඉදිරියට ඇදී නාස්තිය (waste) කෝටි ගණන් මහජන මුදල් පමණක් නොව, ඒ ආයතන ඒ භාරකාරත්වය ඇති අය අපට කාලෙන් කාලයේ නික්ම යනවා. මේ වාර්තාව ඉදිරිපත් කිරීම ගැන ස්තූති වන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya