අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතා කිරීමට කිසිදු ඉඩක් නෑ

    ඔක්තෝබර් 21, 2021

    පෞද්ගලික අංශය මෙරට ආර්ථිකයට ලබා ඇති දායකත්වය අගය කරන බවත් එම පෞද්ගලික අංශය පුළුල් කිරීමට රජය සෑම විටම සහය වන බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පෞද්ගලික අංශය සතු සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතා කිරීමට රජය කිසිදු අවස්ථාවක ඉඩ නොතබන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. රාජ්‍ය සේවකයා කෙරෙහි ඇති විශ්වාසය රජය ආරක්ෂා කර ඇති බවත් , ලක්ෂ 7ක්ව පැවති මෙරට රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ලක්ෂ 15 දක්වා වැඩි කර ඇතැයිද කී අමාත්‍යවරයා, රාජ්‍ය සේවකයින් බඳවා ගැනීම් නියමිත පටිපාටියකට අනුව සිදුවන බවද සඳහන් කළේය.

    මෙරට යල් පැන ගිය නීති රීති රැසක් පවතින බවත් රජය, එම යල් පැන ගිය නීති රීති වර්තමානයට ගැළපෙන ආකාරයට වෙනස්කරමින් යන බවද කිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya