අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනයට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ඉවහල් විය- සෞඛ්‍ය ඇමති

    ඔක්තෝබර් 21, 2021

    ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යසනය පාලනය කර ගැනීම සඳහා ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය පසුබිම් වූ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. මේ සඳහා රජය ‌ගෙනගිය වැඩපිළිවෙල මෙන්ම ප්‍රජා මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා සෞඛ්‍ය සේවාවේ නිලධාරීන් දැක්වූ දායකත්වය වඩාත් ඉවහල් වූ බවද අමාත්‍යවරයා අවධාරණය කරයි .

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ “කොවිඩ් වසංගතයෙන් ඔබ්බට ලෝකයේ රටවල සෞඛ්‍ය පද්ධතීන් ඔරෝත්තු දීමේ හැකියාව ගොඩනැංවීම පිළිබඳ ස්ථාවර ප්‍රකාශය” හඳුන්වා දීමේ අවස්ථාවට සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව කීය. එයට ලොව පුරා රටවල් 194 ක් එක් වූ අතර ජිනීවා නුවර සිට (19) මෙම සමුළුව මෙහෙයවනු ලැබිණි.

    මෙහිදී අග්නිදිග ආසියානු කලාපීය රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙම සමුළුවට අදහස් ඉදිරිපත් කළේය.

    මැදි ආදායම් ලාභී රටක් වුවද සෞඛ්‍ය දර්ශක මගින් ඉහළ කාර්ය සාධනයක් අප රට පෙන්නුම් කළ බවත් එය ලොව දියුණු රටවල් හා සංසන්දනය කළ හැකි බවත් අමාත්‍යවරයා කීය.

    ජනගහනයෙන් 40% ට එන්නත් ලබා දෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අප එයට වඩා ඉහළ ප්‍රතිශතයකට මේ වන විට පූර්ණ එන්නත්කරණය ලබා දී ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. එන්නත්කරණයේ සාර්ථකත්වය සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ මට්ටමින් ඵලදායී සන්නිවේදනයක් ලබා දෙමින් ප්‍රජා සහභාගිත්වය එයට එක් කළ බවත් මේ සඳහා වඩාත් ශක්තිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවත් රඹුක්වැල්ල මහතා කීය.

    කොවිඩ්-19 වසංගතය ඉහළ යන මට්ටමකදී ප්‍රතිකාර පහසුකම් ධාරිතාවද ඉහළ නැංවීම සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හා අනතුරුව ගෘහස්ථ ප්‍රතිකාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීම කොවිඩ් පාලනයට සාර්ථකත්වයක් ගෙනදුන් බවද හෙතෙම පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya