අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    21 වෙනිදා සැලැස්මකට අනුව ශිෂ්‍යයින් 200 ට අඩු පාසැල් විවෘත වේ - අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්

    ඔක්තෝබර් 18, 2021

    රටේ පවතින තත්වයන් තුළ දීර්ඝ කාලයක් පාසැල් වැසි තිබුණ අතර නැවතත් ඔක්තෝම්බර් 21 වෙනිදා ශිෂ්‍යයින් 200ට අඩු පාසැල්, සැලැස්මකට අනුව ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

    ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    එසේම විදුහල්පතිවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැටීමට ඉඩ නොදි දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන ලෙස ද තවදුරටත් අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළේය.

    එහි දී අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා අදහස් දක්වමින්;
    “අපේ රටේ පාසැල් දීර්ඝ කාලයකට පසු විවෘත වෙනවා මේ සතියේ ඔක්තෝම්බර් 21 වෙනිදා. මේක කෙරනේනේ අදියරෙන් අදියරව සහ සැලැස්මකට අනුවයි. අපි මුලින්ම ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන්නේ රටේ පවතින කුඩා පාසැල් (පාසලක ශීෂ්‍යයින් 200 ක අඩුව සිටින පාසැල්) හා 01 වන ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා ප්‍රාථමික පාසැල්. ඒ වගේ පාසැල් අපේ රටේ 3800 ක් තිබෙනවා. එතනින් තමයි මේ වැඩපිළිවෙළ සැලසුම් සහගතව ආරම්භ කිරීමට අපේ රජය තීරණය කරලා තිබෙන්නේ. ප්‍රථමවතාවට පාසලට යනවිට එය පලදායි ප්‍රිතිමත් අත්දැකීමක් කර ගැනීමට අප සියලු දෙනාම උපරිම උත්සහය දැරිය යුතුයි සහ අපි සියලු දෙනාටම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වගකීමක් හා යුතුකම්ක් ද තිබෙනවා.

    දීර්ඝ කාලයක් කොවිඩ් 19 ප්‍රශ්නය නිසා අපේ රටේ පාසැල් වැහිලා තිබුණා. ඒ වගේම විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය නිසාද පාසැල වැසි තිබුණා. අපි කවුරුත් පිළිගත්තා වැටුප් ප්‍රමාණවත් නෑ කියලා. ඒ සඳහා වැටුප් වර්ධනයක්, වෙනසක් ද විය යුතුයි කියලා. හැබැයි මෙය අද ඊයේ ඇති වෙච්ච ප්‍රශ්නයක් නොවේ. අවුරුදු 24 ක් පරණ ප්‍රශ්නයක්.ඉතින් මේ ප්‍රශ්නය විසඳීමට
    අපේ රජය උපරිම උත්සහය ගත්තා. මුළු රටම දන්නවා ආර්ථික වශයෙන් කවදත් නොතිබිච්ච දුෂ්කරතා මධ්‍යයේ මෙම ගැටලුවට ප්‍රායෝගික විසඳුම් සෙවිමට අපේ රජයට සිදු වුණා. මේ කොවිඩ් වසංගතය නිසා අපේ රටේ ආදායම් මාර්ග සම්පූර්ණයෙන් හිඳිලා තිබෙන්නේ. ඉතින් ඒ අතිශය අසිරු තත්වය තුළ උපරිම සහනය අපේ රජය ලබා දුන්නා. නමුත් පවතින තත්වයක් තුළ මින් එහා යන්නට බැරි බව දන්නවා. ගුරුවරයාට තිබෙන දැනුම් සම්භාරය, දායාවෙන් කරුණාවෙන් සිසු දරුවන්ට ලබාදීම තමයි අපේ සංස්කෘතියේ මුල් බැස ගෙන තිබෙන ලක්ෂණය වන්නේ. ඒ නිසා අපි ඕනෑකමින් කරුණාවෙන් අපි ඉල්ලා සිටිනවා.

    සියලුම විදුහල්පතිවරුන්ගෙන් ගුරුවරුන්ගෙන් මේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැටීමට ඉඩ නොදි මේ විසඳුම පිළි අරගෙන කරුණාකරලා පාසැල්වලට පැමිණලා මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙනයන්න කියලා ආයාචනය අපි ඉතා නිහතමානිව ඉල්ලා සිටිනවා” යනුවෙන් වැඩිදුරටත් සදහන් කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya