අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුනර්ජනනීය බලශක්තිය සියයට 70ක ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට දෙස් විදෙස් ආයෝජන වැදගත්- රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක

    ඔක්තෝබර් 18, 2021

    පුනර්ජනනීය බලශක්තිය සියයට 70ක ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට දෙස් විදෙස් ආයෝජන ඉතාමත් වැදගත් බව සූර්ය,සුලං සහ ජලවිදුලි ජනන වියාපෘති සංවර්ධනය රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරයි.

     දෙහිඅත්තකණ්ඩිය, දියවිද්දාගම "විදුල් බයෝමාස්" ආයතනය සතු මෙගාවොට් 3.3(MW) ධාරිතාවයකින් යුත් ජෛව ස්කන්ධ විදුලි බලාගාරය සහ මොණරාගල, කහම්බාන ප්‍රදේශයේ මෙ.වො 1 (MW) ධාරිතාවයෙන් යුත් සූර්ය බලාගාරවල නිරීක්ෂණ චාරිකාවකට  පසුගියදා එක් වෙමින්  රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ බව පැවසීය.

    මෙම ජෛව ස්කන්ධ විදුලි බලාගාරය ග්ලිඩිසීරියා උපයෝගී කරගෙන ක්‍රියාත්මක වන අතර වාර්ෂිකව ගිගාවොට් පැය 24 ක් ජාතික පද්ධතියට එක් කරනු ලබයි.බලාගාරයට අවශ්‍ය ග්ලිඩිසීරියා දැව අවශ්‍යතාව සපුරාලීමට ප්‍රදේශයේ පවුල් 15000 ක් පමණ ග්‍රිඩිසීරියා වගාකරන අතර එමගින් ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටද විශාල පිටිවහලක් ලබාදෙයි.

    විදු ලංකා පී.ඒල් . සී සමාගම සතු මොණරාගල,කහම්බාන කුඩා පරිමාණ සූර්ය බලාගාරයේ නිෂ්පාදිත විදුලිය ජාතික පද්ධතියට එක්කිරීම ද එදින අමාත්‍යවරයාගේ  ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.මෙම බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට වාර්ෂිකව ගිගා වොට් පැය 1.5ක ධාරිතාවයක් එක් කිරීමට අපේක්ෂිතයි.

    * මහා පරිමාන ජල විදුලි බලාගාර.

    * පොලව මත සවිකරන සූර්ය බලාගාර.

    * සුලං බලාගාර (පොලව මත/සුලං මත).

    * පියැසි මත සවි කරන සූර්ය බල පද්ධති.

    * ජලය මත පාවෙන සූර්ය විදුලි බලාගාර.

    * කුඩා පරිමාන ජල විදුලි බලාගාර.

    * භූතාප විදුලි බලාගාර.

    * ජෛව ස්කන්ධ විදුලි බලාගාර.

    * මුහුදු රළ මගින් විදුලිය නිපදවීම යන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මගින් ජාතික විදුලිබල අවශ්‍යතාවයෙන් 70% ක් සැපිරීම 2030 දී ඉලක්ක ගත අරමුණ බව වැඩිදුරටත් අමාත්‍ය වරයා සදහන් කළේ ය.

    70% පුනර්ජනනීය ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට මෙවැනි දෙස් විදෙස් ආයෝජන ඉතාමත් වැදගත් වන අතර මේ වනවිට රජය පුනර්ජනනීය බලශක්ති ආයෝජකයන් සදහා අවශ්‍ය සියලු පහසුකම් සපයා ඇත.

    පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් වෙනුවෙන් පුද්ගලික අංශයේ ද දායකත්වය ලබාගනිමින් නව ව්‍යාපෘති ආරම්භ කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි විය ඒ අනුව මෙසේ යෝජනා කැදවීමට පියවර ගෙන තිබේ. නව ආයෝජකයන් විසින් 2007 අංක 35 දරණ පුනර්ජනනීය බලශක්ති අධිකාරි පනතේ සදහන් සුදුසුකම් සපුරා තිබිම අනිවාර්යයවේ.යෝජනා ඉදිරිපත් කිරීමේ ලේඛනය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ (www.energy.gov.lk) වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර මෙමෙ යෝජනා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට හෝ "ලේකම් සූර්ය බල,සුළං හා ජල විදුලි ජනන වියාපෘති සංවර්ධනය රාජ්‍ය අමාත්‍යාංශය, අංක 437 ගාලු පාර, කොළඹ 03 යන ලිපිනයට 2021/11/01 වැනි දිනට ප්‍රථම ලියාපදිංචි තැපෑලෙන් හෝ පැමිණ භාරදිය යුතුය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya