මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර ඇමති ගම්පහ දිස්ත්‍රික්කයේ ධීවර වරාය හා තොටුපල නිරීක්ෂණයක- ධීවර ගැටළු රැසකට කඩිනම් විසඳුම්

    ඔක්තෝබර් 18, 2021

    ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ ධීවර වරාය හා තොටුපල සංවර්ධන කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වේ.

    පසුගිය දා (16) දින ගම්පහ දිස්ත්‍රික්කයේ උස්වැටකෙයියාව, දික්ඕවිට ප්‍රදේශයන්ගේ ධීවර වරාය හා තොටුපල බෝපිටිය රවී ෆිෂ් මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය අමාත්‍යවරයා නිරීක්ෂණයක කළේ ය.

    අමාත්‍යවරයා විසින් දික්ඕවිට ධීවර වරායේ දකුණු පර්යන්තය නිරීක්ෂණය කළ අතර එහිදී දික්ඕවිට වරාය ඉදි කිරීමේදී ඉතිරි වූ ගල් ධීවරයන්ට බාධා ඇතිකරන බැවින් එම ගල් ඉවත් කරන ලෙස ධීවර වරාය නීතිගත සංස්ථවේ කළමණාකාර අධ්‍යක්ෂක වඩිවෙල් සත්‍යනාදන් මහතාට හා එහි සාමාන්‍යාධිකාරී ජනක ප්‍රසන්න මුදලිගේ මහතා වෙත අමාත්‍යවරයා උපදෙස් දුන්නේ ය.

    වෙරළ ඛාදනය වැලැක්වීම සදහා අවශ්‍ය වෙරළ තීරයේ ගල්වැටි ඉදි කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමෙන්තුවට එම ගල් ලබා දෙන ලෙස දැන්වීය. උස්වැටකෙයියාව තොටුපල නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එම තොටුපල ඉඩම් අයිතිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළුව පිළිබදව ධිවර ජනතාවගේ අඳහස් හා ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසා එකී ගැටළුව කඩිනමින් විසදා දෙන බවට පොරොන්දු විය.

    තොටුපල සංවර්ධනය කිරීමට පළාතේ ප්‍රධාන දේශපාලත්ඥයින්ගේ අඳහස් විමසා ඔවුන්ගේ සහයෝගය ඇතිව හැකි ඉක්මණින් පියවර ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එම තොටුපල ආසන්නයේ ඇති මාදැල් වරාය තොටුපල නිරීක්ෂණය කළ අමාත්‍යවරයා දැනට මාදැල් කර්මාන්තය තහනම් කර ඇති බව එම කර්මාන්තයේ යෙදෙන්නන් අමාත්‍යවරයාට දන්වා සිටි අතර ඒ පිළිබදව මීගමුව සහකාර ධීවර අධ්‍යක්ෂක වරයාගෙන් අමාත්‍යවරයා කරුණු විමසුවේය.අධ්‍යක්ෂක වරයා එවිට පවසා සිටියේ තමන් මේ පිළිබදව නිරික්ෂණය කල බවත් ඒ අවට සිටි සුලු පන්න ධීවරයින් මාදැල් කර්මාන්තයට විරුද්ධ වන බවය.එම නිසා මාදැල් කර්මාන්තයට අවසර දිය නොහැකි වු බවය. මෙම මාදැල් කර්මාන්තයෙන් ජීවිකාව ගෙන යන ධිවර පවුල් 300ක් පමණ සිටින බවත් මෙම මාදැල් වරාය අවට සුළුපන්න ධීවරයින් නොමැති බවත්, සිටියත් ඔවුන් රැකියාවේ නිරත වන්නේ රාත්‍රී කාලයේ බවත්, මාදැල් කර්මාන්තයේ යෙදෙන පිරිස් සිය කර්මාන්තයේ යෙදෙන්නේ දහවල් කාලයේදී වන බවත් එමනිසා සුළුපන්න ධිවරයින්ට බාධාවක් නොවන බව මාදැල් ධිවර සංවිධානයේ සාමාජිකයන් විසින් අමාත්‍යවරයාට ප්‍රකාශ කරන ලදි. කෙසේ වෙතත් මෙම ගැටළුව සදහා කඩිනමින් විසදුමක් ලබා දෙන බවට අමාත්‍යවරයා විසින් පොරොන්දු විය.

    ඒ සදහා ඉදිරි සතියේදි තමන් අදාළ සියලු පාර්ශවයන් හා නිලධාරින් කැදවා විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

    ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෞද්ගලික මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් වන බෝපිටිය කුංජුවත්ත, කැරත්තාවල පිහිටි රවී ෆිෂ් ෆාම් හි නිරීක්ෂණය කළ අමාත්‍යවරයා, මෙම ස්ථානයේ විශාල ලෙස මිරිදිය මත්ස්‍ය බෝ කිරීම පිළිබද සිය සතුට ප්‍රකාශ කළ අතර එම සමාගම වෙත ආටිමියා වගා කිරීමට අවශ්‍ය ආධාර ලබා දීමට නැක්ඩා ආයතනය වෙත අවශ්‍ය උපදෙස් ලබා දෙන බවද එම ගොවිපල අවට ආරක්ෂිත වැටක් ඉදිකර ගැනීම සදහා ද අවශ්‍ය ආධාර ලබා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය. මෙහිදි මෙවැනි පෞද්ගලික ව්‍යවසායන් දිරිමත් කිරීම අප රජයේ ප්‍රතිපත්තිය බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාව සදහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක වඩිවෙල් සත්‍යනාදන් මහතා හා එහි සාමාන්‍යාධිකාරී ජනක ප්‍රසන්න මුදලිගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya