අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සඳහිරු සෑයේ කොත්වහන්සේ සෝමාවතී රජමහා විහාරය වෙත වැඩම කෙරෙති

    ඔක්තෝබර් 18, 2021

    සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය හෙට (ඔක්තෝම්බර් 19) දින සෝමාවතී රජමහා විහාරය වෙත වැඩමකිරීමට නියමිතයි.

    මෙම පුජනීය වස්තුන් රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මධ්‍යයේ අද (ඔක්තෝම්බර් 18) දින උදෑසන මහඔය බොල්ලෑගම රජමහා විහාරයෙන් ගමන් ආරම්භ කළ අතර, දම්මින්න සහ අරලගංවිල පසු කරමින් ගමන් කර අද දින ගමනාන්තය වන දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත පැමිණේ.


    පූජනීය මහා සංඝ රත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ මෙම පෙරහැරේ සම්පූර්ණ කටයුතු සිදුකෙරෙනු ඇත. පෙරහැර ගමන්ගන්නා අවස්ථාවේදී රථවාහන පාලනය අදාල පොලිස් කොට්ඨාශ මගින් සිදුකරන අතර දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya